සංචාරක ආදායම ඩබල් වෙයි

    January, 8, 2024

    2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙය 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3 හා සැසඳීමේ දී 82% ක වර්ධනයක් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ රුපියල් වටිනාකම අනුව 2022 වසරට වඩා 2023 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 100%කින් ඉහළ ගොස් ඇති බවයි.

    ඒ අනුව 2022 වසරේ රු. බිලියන 338.1 ක් ලෙසින් වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් අගය 2023 වසරේ දී රු. බිලියන 678.5 ක් දක්වා 100.7% ක ජයග්‍රාහී වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 719,978 ක් වූ අතර 2023 වසරේ දී 106.6% ක් වර්ධනයක් අත්පත් කර ගනිමින් පසුගිය වසර තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,487,303 ක් වේ.