April, 20, 2026
2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 8 සීමාව ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 809,595ක් ලෙසින් වාර්තා වේ.
ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී 68,961ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි. අප්‍රේල් 12 සිට අප්‍රේල් 15 දක්වා දින 04 තුළ දෛනික සංචාරක පැමිණීම 4,000 මට්ටමින් පහළට පැමිණ ඇත.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් එම කලාපය හරහා ක්‍රියාත්මක කෙරණු ගුවන් ගමන් සීමාවීමත්, බොරතෙල් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය අස්ථාවරත්වය තුළ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාමත් වැනි කරුණු මෙලෙස ලොව පුරා සංචාරක කර්මාන්තයේ පසුබැස්මක් ඇති වීමට හේතු වී ඇත.
මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ගේ පහළ යාමක් නිරීක්ෂණය නොවන අතර අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් 29%ක් එනම් 19,822ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.
එම කාල සීමාව තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමෙහි සැලකිය යුතු අඩු වීමක් නීරීක්ෂණය කළ හැකි අතර 9%ක එනම් 6,328ක සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් සහ 6,223ක සංචාරකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවෙන් මෙරටට පැමිණ ඇත.
මේ අතර අඛණ්ඩව ඉහළ සංචාරක පැමිණීමක් පෙන්නුම් කළ රුසියානු සංචරකයින්ගේ පැමිණීමෙහි පහළ යාමක් නීරීක්ෂණය කළ හැකි අතර අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී පැමිණි රුසියානු සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 3,560ක් ලෙසයි.



Video Story