සජීවි ඡායාරූප හා සිනමාපට මවන නවතම Canon EOS 80D කැමරාව මෙරටට හඳුන්වාදෙයි

    May, 18, 2016

    ඡායාරූප ශිල්පයේ නිම්වළලූ පුළුල් කරමින් සුවිශේෂී අංග ගණනාවක් ඇතුළත් නවතම Canon EOS 80D ඩිජිටල් DSLR කැමරාව පසුගියදා මෙරටට හඳුන්වාදුණි. මීටපෙර Canon වෙතින් හඳුන්වාදුන් EOS 70 D කැමරාවේ ඇතුළත් නොවූ නවීන අංග ගණනාවක් මෙම EOS 80D කැමරාවේ පවතියි.

    EOS 80D කැමරාවේ පවතින සුවිශේෂී අංග අතරට PZ-E1 පවර් සූම් ඇඩප්ටරය EF-S18-135mm f/3.5-5.6 IS USM වන ආරම්භක කාච (kit lens) ආදිය ඇතුළත්ය. නවතම Canon EOS 80D කැමරාව ආධුනික ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූපකරණ හැකියාවන් තවදුරටත් නංවාලීමට සුවිශේෂී අත්වැලක් හිමිකරදෙනු ඇති බව නිසැකය.

    ''දිවයින පුරා පිහිටි අප ප‍්‍රදර්ශනාගාර වලින් Canon EOS 80D කැමරාව මිලදීගැනීමට හැකියි.'' මෙරට තුළ කැනොන් නිෂ්පාදන අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ බලය හිමි එකම සමාගම වන මෙට්‍රොපොලිටන් ෆොටෝහබ් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී සුරේශ් හේරත් මහතා පැවසුවේය.
    නවීන HD තාක්ෂණයෙන් යුතු සුපැහැදිලි 60p ප‍්‍රමාණයෙන් නිර්මාණය වූ සිනමාපට නවතම Canon EOS 80D කැමරාව මගින් පහසුවෙන් හසුකරගැනීමට හැකිය. එමෙන්ම, මෙම කැමරාවේ පවතින AF පද්ධතිය මගින් සුපැහැදිලි දසුන් හසුකරගත හැකිවීම ද විශේෂත්වයකි.

    මෙම කැමරාවේ EOS 1D-X Mark II පහසුකම පවතින අතර සුවිශේෂී Dual Pixel CMOS AF තාක්ෂණයෙන් ද මෙය සමන්විතය. මෙම පහසුකම නිසා ඉදිරිපස පිහිටි වස්තුවක සිට පසුබිමින් පිහිටා තිබෙන වස්තුවක් ස්පර්ශයෙන් ක‍්‍රියාකරන පුවරුව මගින් පහසුවෙන් හසුකරගැනීමට හැකිය.

    Canon EOS 80D කැමරාවේ තිබෙන සුවිශේෂී ලක්ෂණයක් වන AF පද්ධතියේ වේගවත් ක‍්‍රියාකාරීත්වය නිසා ඡායාරූපගත කිරීමේදී එකිනෙකට වෙනස් පියවර 10 කින් යුතුව කැමරාව පහසුවෙන් සීරුමාරු කිරීමේ හැකියාව ඇත. මෙමගින් පහසුවෙන් සිනමා ප‍්‍රයෝග නිර්මාණය කළහැකි වීම වීඩියෝ නිර්මාණකරුවන්ට හිමිවන අමතර වාසියක් වනු ඇති බව නිසැකය.

    ''Canon EOS 70D කැමරාව වෙළඳපල තුළ ලබාගත් සාර්ථකත්වය ඔස්සේ ගුණාත්මක බවින් යුතු ඡායාරූපකලාවේ සීමාවන් ජයගැනීමට අප කටයුතු කරනවා. නවතම Canon EOS 80D කැමරාව මගින් ඡායාරූප ශිල්පීන්ට තවදුරටත් සහයක් වෙමින් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පුළුල් කිරීමට අප කටයුතු කරනවා. මෙමගින් ඡායාරූප ශිල්පීන්ගේ නව අත්හදාබැලීම් වලට රුකුල් දෙමින් ඔවුන්ගේ ඡායාරූප හැකියාවන් දියුණු කිරීමට ද හැකිවනු ඇති බව නිසැකයි.

    සෑම රූප රාමුවක්ම සුපැහැදිලිව ලබාගත හැකි සුවිශේෂී අංග ගණනාවකින් නවතම EOS 80D කැමරාව සමන්විත වී තිබෙනවා'' Canon සිංගප්පූරු සමාගමේ, සිංගප්පූරුවේ මෙහෙයුම් ප‍්‍රධානී හා අලෙවි ප‍්‍රධානී එඞ්වින් ටියෝ මහතා පැවසුවේය.

    නවීන තාක්ෂණයෙන් යුතු Canon EOS 80D කැමරාව මිලදීගෙන ඡායාරූප කලාවේ නැවුම් අත්දැකීම් හිමිකරගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිය.