March, 24, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ, සාමාන්‍ය රක්ෂණ ආයතනය වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම (SGIC), තම රක්ෂණ පාරිභෝගිකයින් වෙනුවෙන් පිරි නමන අද්විතීය රක්ෂණ විසඳුමක් ලෙසින්, “ප්‍රතිශක්ති” රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙන්ම, අනාගතයේදී ඇති විය හැකි ඕනෑම වසංගත තත්ත්වයකදී ආදායම් අහිමි වීමේ අවදානමට ගොදුරු වන පිරිස ඉලක්ක කර ගනිමින් මෙම රක්ෂණ සැලසුම හඳුන්වා දීම විශේෂත්වයකි.
“ප්‍රතිශක්ති” යනු වඩාත් කාලෝචිත රක්ෂණ ක්‍රමයක් වන අතර, ඕනෑම ආදායම් මට්ටමක රක්ෂණ ප්‍රතිලාභීන් හට සහය වීම පිණිස එය හඳුන්වා දී තිබේ. එමගින් කෝවිඩ් 19 වසංගතය හෝ වෙනත් ඕනෑම වසංගත තත්ත්වයක් හේතුවෙන් රක්ෂණ ඔප්පු හිමියාට සිය ආදායම් අහිමි වී යාමේ තත්ත්වයක් උද්ගත වුවහොත්, ඔහුට/ඇයට සහ පවුලේ අයට දෛනික ආදායමක් ලබා දෙමින් සුවිශාල සහයක් සලසයි. ඒ අනුව, ස්වකීය ප්‍රදේශය හුදෙකලා කර ඇති අවස්ථාවක හෝ පවුලේ අයකුට රෝගය වැලඳීම හේතුවෙන් අනෙකුත් සාමාජිකයින් හට ස්වයං නිරෝධයනයට ලක් වීමට නියෝග ලැබීම හේතුවෙන්, රක්ෂණ ප්‍රතිලාභියාගේ ආදායම අහිමි වුවහොත්, ඔහුට මෙම දෛනික ආදායමට හිමිකම් කිව හැකි වෙයි. තම අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි සැලසුම් කිහිපයකින් සමන්විත මෙම රක්ෂණාවරණය ආරම්භක දිනයේ සිට දින 365 ක් දක්වා වන (වසර 1 ක) උපරිම ආවරණ කාලයක් ලබා දෙයි. එහිදී රක්ෂණ ඔප්පුහිමියාට සිය ප්‍රතිලාභය ලෙසින්, උපරිමය මාසයක කාලයක් දක්වා දෛනික මූල්‍ය ප්‍රතිලාභයක් හෝ වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ගෙදරට ගෙන්වා ගැනීම තෝරාගත හැකි වේ. එමෙන්ම, මෙම ප්‍රතිශක්ති රක්ෂණ සැලසුමෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ගුණාංගයක් වන්නේ, මූල්‍ය උපකාරයක් අවශ්‍ය අයකුට අසීරු අවස්ථාවක උපකාර කිරීම පිණිස තෑගි වවුචරයක් ලෙසින් එය සුදුසු පාර්ශවයකට පරිත්‍යාග කළ හැකි වීමයි.
මෙම නවතම රක්ෂණාවරණය පිළිබඳව අදහස් දක්වමින්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී වසන්ත පෙරේරා මහතා මෙලෙස සඳහන් කරයි. "කෝවිඩ් වසංගතය හේතුවෙන් දුප්පත් පෝසත් භේදයකින් තොරව, රට තුළ ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් ආදායම අහිමි වී යාමේ අවදානමට මුහුණු දුන් බව පැහැදිලි කාරණයක්. ගත වූ වසර පුරාම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හා ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් රටේ විශාල පිරිසකට ආදායමක් නොමැතිව ගත කිරීමට සිදු වුණා. ඒ වගේම, රට නැවත යථා තත්ත්වයට පත් වීමෙන් පසුවත්, වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශ වරින් වර වසා දැමුණා, වෛරසය වැලදුණු පවුල්වල අයට දින ගණනාවක් නිවෙස්වල ස්වයං-නිරෝධායනයට ලක් වන ලෙසට නියෝග පැනවුණා. රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමක් වශයෙන්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හඳුන්වා දෙන 'ප්‍රතිශක්ති' රක්ෂණය මගින්, පූර්ණ කාලීනව රැකියාවේ නිරත වන පුද්ගලයකු, ව්‍යාපාර හිමිකරුවකු හෝ දෛනික වැටුප් ලබන පුද්ගලයකු වේවා, සමාජයේ ඕනෑම තරාතිරමකම පාරිභෝගිකයින් හට සේවය සැලසෙන බවට අපට විශ්වාසයි. ඉතින් ඉදිරියේදී ඕනෑම වසංගත තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක, රක්ෂණ ප්‍රතිලාභියාට සැනසිලිදායක මානසික තත්ත්වයක් අත්කර ගනිමින්, ස්ථිර ආදායමක් හෝ වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් හිමි කරගත හැකියි".
ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්රයේ ජනතාවට හිතැති සමාගමක් ලෙස පිළිගැනීමට පාත්‍ර වී තිබෙන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙස සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම (SGIC) 2019 ජූලි මස 1 වන දින ශ්‍රී ලංකාවේ සිය රක්ෂණ කටයුතු ඇරඹීය. ශ්‍රී ලංකාවේ නැගී එන වෙළෙඳ පොළෙහි කාලීන අවශ්‍යතා වන ක්ෂුද්‍ර හා කෘෂිකාර්මික රක්ෂණ සේවාවන් පිරි නැමීම සම්බන්ධයෙන්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්රය තුළ නම් දරා සිටිති. වර්තමානය වන විට මෙරට තරුණ පරපුර වෙත රැකියා අවස්ථා දහස් ගණනක් පිරි නමමින්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකු බවට පත්ව සිටියි.
Video Story