• Ada Derana BIZ Sinhala
  • Sanasa
  • sri lanka

සණස මූලිකව ක්‍රියත්මක “වැය අඩු කරමු – අය වැඩි කරමු” ජාතික වැඩසටහනේ තවත් අදියරක් සාර්ථකව නිමවෙයි

October, 18, 2022

සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' මැයෙන් දියත් කරණු ලැබු ජාතික වැඩසටහන පළිබඳව සණස සමූහයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සැප්තැම්බර් මස 19 වන දින කොළඹ කිංග්බරි හෝටලයේ දී පවත්වනු ලැබීය. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා, සණස ජීවිත රක්ෂණ සමාගමේ සභාපති, විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලු සණස සමූහයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි විය.

ශ්‍රී ලාංකීය ගැමි ජනතාවගේ ශක්තිය තුළින් සමූපකාර ව්‍යාපාරයක් ලෙස නිර්මාණය වූ සණස ව්‍යපාරය, දේශීය සමූපකාර ව්‍යාපාර ක්ෂ්ත්‍රය තුළ සුවිශේෂ සංධිස්ථාන රැසක් සනිටුහන් කරනු ලැබූවකි. ජනතාව සමඟ ඉපිද,  ඔවුන් සමඟ වර්ධනයව වර්තමානය වන විට ජනතාවට දිරියෙන් නැඟීසිටීම උදෙසා නායකත්වය ලබාදෙන මෙම ආයතනයට නායකත්වය ලබා දෙමින් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මැතිඳුන් සිදුකර ඇත්තේ ජාතික කාර්යයකි. එහිදී ලද අත්දැකීම් ඔස්සේ වර්තමානයේ නිර්මාණය වී ඇති අර්බුධකාරී තත්වය තුළ පුද්ගලයෙක් ලෙස, ආයතනයක් ලෙස වගේම සමස්ත රටක් ලෙස අප මේ අර්බුධයෙක් මිඳීම සඳහා කෙසේ අපගේ දායකත්වය ලබා දිය යුතුද? යන්න සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණින් දියත් කරනු ලබන වැඩසටහන ලෙස ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' ජාතික වැඩසටහන් දැක්විය හැකිය.

මෙහිදී අදහස් දක්වමින් සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. "මේ වෙලාවෙ රට පත්වෙලා තිබෙන අර්බුධයෙන් ගොඩඑන්න නම් අපට සාම්ප්‍රදායික විදිහට හිතලා ක්‍රියාත්මක වෙලා නම් බැහැ. ඒ සඳහා ගම් මට්ටමේ සිට ජාතික මට්ටම තෙක් සියල්ලෝම මේ සඳහා එක්ව කටයුතු කල යුතුයි. ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මේ සඳහා වන මතවාදය ප්‍රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පුද්ගලිකව කළ හැකි දේ සහ කණ්ඩායමක් ලෙස එක්ව කළ හැකි දේ බොහෝමයක් තිබෙනවා. මේ දේවල් ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සහ ඊට අදාළ පරිදි ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සංකල්පය වන්නේම එක්ව ක්‍රියාත්මකවීමයි. රටක් හැටියට ජයගන්න නම් එක්ව නැගීසිටීම හැර විකල්පයක් නැහැ. මේ කර්තව්‍ය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට තරුණයන්ට කරන්න වශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට මේ මොහොතේ කළයුතු කාර්යභාරය මැනවින් අවබෝධ කරගෙන ඒ කාර්යයේ නිරතවෙන ලෙස.''

මෙම වැසටහන දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වීමේ සමාරම්භය සනිටුහන් කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව මහා විද්‍යාලයීය ශ්‍රවරණාගාරයේ දී පළමු දිස්ත්‍රික් ජාතික වැඩසටහන දෙදිනක් පුරා පවත්වනු ලැබූ අතර, එ් සඳහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික්ක 16ක සණස සමිති සාමාජිකයින් සජීවීව සම්බන්ද විය. මෙහි දෙවන වැඩසටහන කලුතර දිස්ත්‍රික්ය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා ක්‍රියාත්මක වූ අතර, මීළඟ වැඩසටහන මාතර දිස්ත්‍රික්කය දියත් කරමින් පැවැතුවීමට සැළසුම් කර ඇත. මෙි ආකාරයට සෑම මසකම එක් දිස්ත්‍රික්කයක් ආවාරණය කරමින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් වෙතම මෙම වැඩසටහන ගෙන යමින් සණස සමාජිකයින් සහ පොදුවේ තරුණ ප්‍රජාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම මූලිකම අරමුණ වේ.