සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයෙන් පොසොන් දන්සැල් රැසක්

    June, 12, 2023

    අනුබුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන්‚ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂ්වරන්ස් සමාගම තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යලිත් පසක් කරමින් දිවයින පුරා පිහිටි ශාඛා රැසක් විසින් පොසොන් දන්සැල් රැසක් සංවිධානය කරන ලදී. කළුතර‚ දිවුලපිටිය‚ වෙන්නප්පුව‚ මාවනැල්ල හා පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි ශාඛා මූලිකත්වයෙන් මෙම දන්සැල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කරමින් ඉතාමත් ආරක්ෂිතව සංවිධානය කර තිබිණි.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛණ්ඩව දන්සල් සහ පොසොන් උත්සවය නිසි අයුරින් පැවැත්වීමට වාතාවරණයක් නොවීම හේතුවෙන් මෙවර පොසොන් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබිණි. දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් ශ්‍රී ලංකේය ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වී සිටියි.