March, 2, 2023
93 වන වරටත් කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමයේ’ නිල බැංකුකරු ලෙස සිය අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන එම තරඟය පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟාවලි අතර සුවිශේෂී ස්ථානයක් දිනා ගන්නකි.
ක්‍රීඩාවේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව, සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වන සිය දායකත්වය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථාව පසුගියදා එම විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්ගේ හා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ දීපාල් ද සිල්වා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- මෙහෙයුම් සහ බැංකු ශාඛා කටයුතු), කුසල් ද සිල්වා (සහකාර සාමාන්‍යාධිකාරී- ආයතනික මූල්‍ය), දර්ශින් පතිනායක (සහකාර සාමාන්‍යාධිකාරී - කාඩ් මධ්‍යස්ථාන) යන මහත්වරුන් එක්ව සිටියහ.
ඡායාරූප විස්තරය - (වමේ සිට) ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක නෙත්ම සමරවීර, ආනන්ද විද්‍යාලයීය ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ කමිටුවේ සභාපති බිමල් විජයසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, සම්පත් බැංකුවේ දීපාල් ද සිල්වා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- මෙහෙයුම් සහ බැංකු ශාඛා කටයුතු), දර්ශින් පතිනායක (සහකාර සාමාන්‍යාධිකාරී - කාඩ් මධ්‍යස්ථාන), කුසල් ද සිල්වා (සහකාර සාමාන්‍යාධිකාරී- ආයතනික මූල්‍ය), නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, නාලන්ද විද්‍යාලයීය 'සුලෝහිත සංග්‍රාමය ’ ඒකාබද්ධ කමිටුවේ සභාපති වරුණ රත්නවීර සහ නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක චනුල් අතුකෝරල යන මහත්වරුන් ඡායාරූපයේ වේ.
Video Story