August, 14, 2026
2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 'Flyers’ Choice' සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මාන මගින් වියට්ජෙට් සන්නාමය සහ එහි කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කර ඇති අතර, ජයග්‍රාහකයින් තෝරාගැනීම සංචාරකයින්ගේ ඡන්ද විමසීම් පදනම් කර ගනිමින් සිදු කොට තිබේ. මෙම සම්මානනීය ඇගයීමත් සමඟ ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරන වියට්ජෙට් කෙරෙහි සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවනු ඇත.
මෙම අංශ දෙකෙන්ම වියට්ජෙට් සමාගම හිමි කර ගත් ප්‍රථම ස්ථාන මගින් සංචාරකයින්ට දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු සහ පුළුල් වන ගුවන් මාර්ග ජාලයේ සිට මගීන් සමඟ සෘජුව සම්බන්ධ වන ගුවන් කාර්ය මණ්ඩලයේ සුවිශේෂී සේවාව සමාගමේ උසස් ප්‍රමිතිය තවදුරටත් නිරූපණය කරයි. එමෙන්ම, ජයග්‍රහණය කරන ලද මෙම සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් හි වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කරන අතර, නවීන ගුවන් ගමන් අත්දැකීමක් සමඟින් සංචාරකයින්ට දැරිය හැකි සහ පහසු විකල්ප පිරිනැමීමට සමාගම දරන අඛණ්ඩ කැපවීමද මින් පිළිබිඹු වේ.
AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මහත්මිය සඳහන් කළේ, මෙම අංශ ද්විත්වයෙන්ම සම්මානයට පාත්‍ර වීමත් සමඟ වියට්ජෙට් සමාගම සිය ගමන් මඟෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කර ඇති බවයි. ගුවන් සේවයේ නිල ඇඳුම ද මෙම ඇගයීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවත් එමගින් වියට්ජෙට් සන්නාමය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන ලෙස පිළිගැනීමට ලක්ව ඇති බවත් පෙන්වා දුන් ඇය වැඩිදුරටත් කියා සිටියේ අද්විතීය, ආකර්ෂණීය මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි මෙම නිල ඇඳුම ගුවන් ගමන අවසන් වූ පසුව ද මගීන්ගේ මතකයේ රැඳෙන සුවිශේෂී අවස්ථාවක් බවයි. ඒ අනුව, ‘Flyers’ Choice’ හි හොඳම ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම සඳහා වියට්ජෙට් වෙත හිමි වූ මෙම සම්මානය එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරයි.
සුවිශේෂී රතු පැහැයෙන් යුක්ත වියට්ජෙට් හි ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම යුරෝපීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර තිබේ. තරුණ ජවයත් තරුණ කැඩෙට් නිල ඇඳුම්වල ආභාෂයත් එකට මුසු කරමින්, සාම්ප්‍රදායික බවින් තොර Bow ties, garrison caps, plaid patterns මෙන්ම නවීන විලාසිතා අංගයන් එක්කරන ලද මෙම නිල ඇඳුම සුවිශේෂී හා ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වේ. සාමාන්‍ය රාජකාරි ඇඳුමක සීමාවෙන් ඔබ්බට ගිය වියට්ජෙට්හි සුවිශේෂී රතු පැහැය, මේ වනවිට එහි සන්නාම අනන්‍යතාවයේ කැපී පෙනෙන සංකේතයක් බවට පත්ව තිබේ. එය හුදෙක් වර්ණයක් පමණක් නොව, තරුණ ජවය, සුහදශීලීත්වය, විශ්වාසය සහ අනාගතය දෙසට යොමුවූ නවීන දැක්මක් ද මින් නිරූපණය කරයි.
වියට්ජෙට් හි විශේෂත්වය වන්නේ සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලන විවිධාංගීකරණය වූ ගුවන් අභ්‍යන්තර සේවා වලින් සමන්විත වීමයි. නැවුම් හා පෝෂ්‍යදායී උණුසුම් ආහාර වේල් නවයකින් ද Vikkafe පාන වර්ග මෙන්ම තීරුබදු රහිත භාණ්ඩ, තෑගි සහ සංචාරයට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුකම් ද ඒ අතර වේ. වියට්නාමයේ වාණිජ කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං නගරය සහ කොළඹ අතර ආරම්භ වන මෙම ප්‍රථම ගුවන් ගමනේ සිටම, ශ්‍රී ලාංකික සංචාරකයින්ට ද සුවිශේෂී අත්දැකීමක් විඳගැනීමට මේ තුළින් අවස්ථාව හිමි වනු ඇත.
වියට්ජෙට් හි, නව පරම්පරාවේ ගුවන් යානා තුළ ගමනාන්තයන්ගෙන් ආභාෂය ලැබූ සංගීතය, විශේෂ සංස්කෘතික හා කලාත්මක ප්‍රසංග මෙන්ම, සුහදශීලී කාර්ය මණ්ඩලය එක්ව යන සෑම ගුවන් ගමනක්ම වර්ණවත් හා මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කරයි.
එමෙන්ම වියට්ජෙට් සමාගම AirlineRatings හි ඉහළම තරු 7 ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව හිමිකර ගනිමින්, වසර ගණනාවක් පුරා ලොව ආරක්ෂිතම ගුවන් සේවා අතර සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. එසේම, ආරක්ෂාව, සේවාවේ ගුණාත්මකභාවය, පාරිභෝගික අත්දැකීම් සහ සන්නාම වටිනාකම වෙනුවෙන් CAPA, Skytrax සහ World Travel Awards ඇතුළු ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන රැසක ඇගයීමට ද ලක්ව තිබේ.
වියට්ජෙට් සමාගම ආසියා-පැසිෆික් කලාපය පුරා සහ යුරෝපයේ නව වෙළඳපොළවල් වෙත සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින අතර ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා කොළඹ–හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) ලෙස ක්‍රියාත්මක වේ. මෙම ගුවන් ගමන් ජාලය හරහා කොළඹ සිට පැමිණෙන මගීන්ට ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන නගර සහ සංචාරක මධ්‍යස්ථාන වෙත ද ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම සුවිශේෂත්වයකි. තවද, හෝ චි මිං නගරය හරහා මගීන්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය සහ ඉන් ඔබ්බට පිහිටි බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.
වාර්ෂික පවත්වනු ලබන 'Flyers’ Choice' සම්මාන උළෙල යනු සංචාරකයින්ගේ ඡන්දය පදනම් කර ගනිමින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා එකම AirlineRatings සම්මාන උළෙලයි. 2026 වසරේදී ඡන්ද 40,000 කට ආසන්න සංඛ්‍යාවක් පදනම් කර ගනිමින් පැවැත්වූ මෙම සම්මාන උළෙල මගින්, සංචාරකයින්ගේ විශ්වාසය සහ ආකර්ෂණය හිමිකරගත් ගුවන් සේවාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙයි.
මෙම නව සම්මාන ද්විත්වය මගින්, වියට්නාම නව ගුවන් සේවයක සිට ආරක්ෂාව, නවීනත්වය, අද්විතීය බව සහ ලොව පුරා සංචාරකයින් සමඟ පවතින වර්ධනය වන සබඳතාව සඳහා ඇගයීමට ලක්වූ ගෝලීය ගුවන් සේවා සන්නාමයක් දක්වා වියට්ජෙට් සමාගම පැමිණි ගමනේ තවත් සංධිස්ථානයක් සලකුණු කරන අතර, එම සබඳතාව දැන් ශ්‍රී ලංකාව දක්වා ද ව්‍යාප්ත වී ඇත.





Video Story