August, 4, 2026
වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භක ගුවන් ගමනට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක් මඟබලා සිටි අගෝස්තු මාසයේ 'Double Day' 8.8 විශේෂ දීමනා වැඩසටහන නැවතත් ආරම්භ කර තිබේ. මෙම විශේෂ දීමනා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමය වෙත සිය සංචාරයන් සැලසුම් කිරීමට හොඳම අවස්ථාවක් ලබා දෙමින්, වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව Premium ටිකට්පත් සඳහා 30% දක්වා වට්ටම් සහ පෙර ඇණවුම් කරන ලද කරන ආහාර එකතුවක් (meal combos) සඳහා 50% ක වට්ටමක් ද හිමි වේ. මෙම විශේෂ දීමනා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වියට්ජෙට් හි වැදගත්ම ජාත්‍යන්තර වෙළඳපොළක් ලෙස සැලකෙන දකුණු කොරියාවේ ප්‍රථම වතාවට Best Hybrid Airline ලෙස වියට්ජෙට් සම්මානයට පාත්‍ර වූ අවස්ථාවකයි.
අද සිට 2026 අගෝස්තු 8 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 21:30 දක්වා, ආරම්භ වීමට නියමිත කොළඹ - හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් සේවය ඇතුළුව වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ පන්තියේ දීමනා ගාස්තු භුක්ති විඳීමට ශ්‍රී ලාංකික මගීන්ට අවස්ථාව හිමි වනු ඇත. මෙම ප්‍රවේශපත්‍ර මේ වන විට වියට්ජෙට් එයාර් හි නිල වෙබ් අඩවිය වන www.vietjetair.com, වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම, ප්‍රවේශපත්‍ර කාර්යාල හරහා වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී. මෙම දීමනාව වලංගු වන්නේ 2026 සැප්තැම්බර් 5 සහ 2027 මාර්තු 31 දක්වා කාලය තුළ සිදුකරන සංචාර සඳහා පමණි. (රජයේ නිවාඩු දින සහ කාර්යබහුල සංචාරක කාලසීමාවන් මීට ඇතුළත් නොවේ).
මීට අමතරව, BUSB88 කේතය භාවිත කිරීමෙන් සියලුම සෘජු ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා Deluxe සහ SkyBoss ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තු සඳහා 30%ක වට්ටමක් ද හිමි වනු ඇත. හැනොයි (Hanoi), අල්මාටි (Almaty) සහ ප්රාග් (Prague) අතර ගුවන් ගමන් සඳහා පමණක් DLX88 කේතය භාවිතයෙන් Deluxe පන්තියේ ටිකට්පත් සඳහා 20% ක වෙන් වූ වට්ටමක් හිමි වේ.
එමෙන්ම සෑම සංචාරයක්ම තවත් සුවිශේෂී අත්දැකීමක් බවට පත් කරමින් පෙර ඇණවුම් කරන ලද කරන ආහාර එකතුවක් (meal combos) ඇණවුම් කරන මගීන්ට 50% ක වට්ටමක් හිමිවනු ඇත. මෙම දීමනාව 2026 අගෝස්තු 18 සහ 2027 මාර්තු 31 අතර සංචාරයන් සඳහා වියට්ජෙට් හි සියලුම ගුවන් මාර්ගවල (සම්බන්ධක ගුවන් ගමන් සහිත සංචාර හැර) අදාළ වේ. ඒ අනුව 2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් හි කොළඹ - හෝ චි මිං නගරය දක්වා වන ගුවන් සේවය ආරම්භ කළ දින සිට ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම විශේෂ දීමනා ලබා ගත හැකිය.
මෙම විශේෂ දීමනා වැඩසටහන දියත් කරනු ලැබූවේ වියට්ජෙට් සමාගම ජාත්‍යන්තර වශයෙන් තවත් සුවිශේෂී ඇගයිමකට පාත්‍ර වූ අවස්ථාවකයි . Korea Consumer Awards 2026 සම්මාන උළෙලේදී Best Inflight Food Experience සහ Service Excellence යන සම්මාන ද්විත්වයට අමතරව, ප්‍රථම වරට Best Hybrid Airline ලෙස ද වියට්ජෙට් සම්මානයෙන් පිදුම් ලැබීය. සංචාරකයින්ට දැරිය හැකි ගාස්තු යටතේ උසස් තත්ත්වයේ සේවාවක් සපයමින්, Eco, Deluxe, SkyBoss සහ Business යන කාණ්ඩ හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමට වියට්ජෙට් සමත් වී ඇති බව මින් පැහැදිලි වේ.
Korea Consumer Awards සම්මාන උළෙලේදී දකුණු කොරියාව පුරා සිදුකරන පුළුල් පාරිභෝගික සමීක්ෂණ සහ විශේෂඥ විනිශ්චය මණ්ඩලයක ඇගයීම් මත පදනම්ව පාරිභෝගික විශ්වාසය දිනාගත් සන්නාම ඇගයීමට ලක් කෙරේ. එහිදී අඛණ්ඩව දෙවැනි වරටත් සම්මාන හිමිකරගත් එකම විදේශීය ගුවන් සේවය බවට වියට්ජෙට් පත්වූ අතර, 2026 වසරේ දකුණු කොරියාවේ වඩාත්ම විශ්වාසදායක පාරිභෝගික සන්නාම 39 අතරට ද වියට්ජෙට් සමාගම තේරී පත් විය.
මෙම සාර්ථකත්වයත් සමගින්, සංචාරකයන්ට වඩාත් පුළුල් ගමනාන්ත තේරීම් සහ පහසු සම්බන්ධතා ලබාදීමේ අරමුණින්, වියට්ජෙට් සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුළුල් කිරීමට අඛණ්ඩව ආයෝජනය කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව වෙත මෙම නව ගුවන් සේවය ආරම්භ කිරීමට සමගාමීව, මෙම වසර තුළ හැනෝයි සිට ප්රාග් (චෙක් ජනරජය) සහ අල්මාටි (කසකස්තානය) දක්වා නව ගුවන් මාර්ග හඳුන්වා දීමට නියමිත ව තිබෙන අතර එය ඔවුන්ගේ ජාත්‍යන්තර ගුවන් ජාලය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඒ අනුව, කොළඹ සිට ගමන් ගන්නා මගීන්ට හෝ චි මින් නගරය හරහා වියට්නාමය, ආසියා-පැසිෆික් කලාපය සහ තවත් ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.
වියට්ජෙට්හි, ව්‍යාප්ත වෙමින් පවතින ගුවන් ගමන් ජාලය, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ගුවන් යානා සහ වඩාත් සහනදායි පාරිභෝගික සේවාවන් සහ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි අත්දැකීමක් බවට පත් කිරීමට වියට්ජෙට් සමාගම අඛණ්ඩව කැපවී සිටියි. සෑම ගුවන් ගමනකදීම මගීන්ට ආරක්ෂිත, සුවපහසුව සහ ප්‍රියජනක සංචාරක අත්දැකීමක් ලබාදීම වියට්ජෙට් සමාගමේ ප්‍රධානම අරමුණයි. එමෙන්ම මෙම නව ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් යානය තුළදීම වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන 'ෆෝ' (Pho) සහ 'බාන් මී' (Banh Mi) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර, ඒවා ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබයි. විශේෂ අවස්ථාවන්හිදී ගුවන් යානය තුළ ඉදිරිපත් කෙරෙන සුවිශේෂී සංස්කෘතික සංදර්ශන ගුවන් ගමන් මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.



Video Story