සමාගම් 14ක් රු. බිලියන 15ක් ලාභාංශ දීලා

    February, 22, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් විසින් 2023 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත්කරමින් පවතී.

    මෙ වන විට සමාගම් ගණනාවක්ම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කර ඇති අතර ඒවාට අනුව සමාගම් කිහිපයක්ම ඉතා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට පසුගිය කාර්තුවේ දී සමත්ව ඇත. එහිදී සිය කොටස්කරුවන් වෙත ලබා දෙන ලාභාංශයන් පිළිබඳ නිවේදනයන් ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

    මේ අතර කොටස් තැරැව්කාර ආයතනයක් වන Almas Equities පවසන්නේ මේ වන විට සමාගම් 14 ක් විසින් ප්‍රකාශයට පත්කර ඇති මුදල් ලාභාංශයන් හි මුළු වටිනාකම රු. බිලියන 15 ඉක්මවා ඇති බවයි.

    Almas Equities විසින් ප්‍රකාශයට පත් කර ඇති ඒ සම්බන්ධ සටහනක් පහතින් දැක්වේ.