• Ada Derana BIZ Sinhala
  • Gold Award
  • Sarvodaya Development Finance Company
  • sri lanka
  • TAGS

සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම TAGS වාර්තාකරණය සඳහාවූ රන් සම්මානයෙන් පිදුම් ලබයි

January, 19, 2023

විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්රී ලංකාවේ ප්රමුඛතම බලපත්රලාභී සංවර්ධන මූල්ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2022 දෙසැම්බර් 06 දින කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී පැවැත්විණි. SDF ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්රධාන මූල්ය කළමනාකරු, මහේෂ් ජයසංඛ මහතා විසින් මෙම සම්මානය සමාගම වෙනුවෙන් පිළිගන්නා ලදි.

TAGS සම්මාන උළෙලේදී මූල්ය සහ මූල්ය නොවන වාර්තාකරණය යන දෙ-අංශයෙන්ම ආයතනික වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් ඇගයීමට ලක් වේ. විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය වාර්තාකරණය සම්බන්ධ රටෙහි ප්රමිතීන් තවදුරටත් වර්ධනය කරවීම මෙහි ප්රධාන අරමුණයි. තවද සමාගම් හා ආයතන ඩිජිටල්කරණය සඳහා යොමුවීමත්, ඔවුන් විසින් මූල්, පාරිසරික සහ සමාජීය වාර්තාකරණය තවදුරටත් විධිමත් කිරීමට ගන්නා උත්සහයන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරයි. ආයතනයන්‍හි විශාලත්වය හෝ ලාභ ප්‍රමාණය මත පදනම් නොවී විනිවිධභාවයෙන් හා වගකීමෙන් කටයුතු කරන අතරම සමාජයට නැවත ප්‍රතිලාභ ලබා දෙමින්, පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරයන් ගනු ලබන ආයතන මෙම උළෙලේදී ඇගයීමට ලක් විය.

මෙලෙස ඇගයීමට පාත්‍ර වීම සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් සර්වෝදය සංවර්ධන මුල්ය සමාගමේ ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ පැවසී ය. “විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය වාර්තාකරණය වෙනුවෙන් අප දක්වන කැපවීම මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. මෙම සම්මානය මගින් යළිත් තහවුරු වන්නේ, ආයෝජකයින්ට සහ ගනුදෙනුකරුවන්ට අපගේ ස්ථාවර කාර්යසාධනය සහ ඔවුන්ගේ අරමුදල් හා ආයෝජනවල ආරක්ෂාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවයි. විශේෂයෙන්ම සමාජීය ආයෝජකයින්ට (Impact investors), තම අරමුදල් යහපත් අරමුණු වෙනුවෙන් භාවිතා වන බවට මෙමගින් සහතික කරගැනීමට පුළුවන්. අප ආයතනයේ වටිනාකම්  සහ TAGS මූලධර්ම ඔස්සේ සෑම විටම තිරසාර හා ස්වාභාවික වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. සංවර්ධන මූල්ය සමාගමක් ලෙස වටිනාකම් නිර්මාණය තුලින් ජීවනෝපායන් නඟාසිටුවීම, කාන්තාවන් සවිබල ගැන්වීම, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ ග්රාමීය ආර්ථිකයන් නගාසිටුවීමට සහය වීම අපගේ බලාපොරොත්තුවයි. අප කෙරෙහි විශ්වාසය තබා, මානව හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳව අපගේ ආයෝජකයින්ට, තැන්පත්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

 

ඡායාරූපය: සර්වෝදය සංවර්ධන මුල්ය සමාගම වෙනුවෙන් එහි ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්රධාන මූල්ය කළමනාකරු මහේෂ් ජයසංඛ මහතා TAGS සම්මානය පිළිගත් අවස්ථාව