සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්. රු. කෝටි 63කට ACME කර්මාන්තශාලාව මිල දී ගනී

    April, 29, 2026

    සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී විසින්, සිය දේශීය නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ පියවරක් ලෙස ACME ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පීඑල්සී (ACME Printing and Packaging PLC) සමාගමට අයත් කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.

    ඊයේ (28) දින අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, පිළියන්දල, ගෝනමඩිත්ත පාරේ, අංක 345 දරන ස්ථානයේ පිහිටි (ACME සමාගමට අයත් වූ) කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීමට නියමිතය. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් 630,000,000 (රුපියල් මිලියන හසිය තිහක්) ලෙස සඳහන් වේ.

    කොළඹ කොටස් වෙළඳපොළ වෙත කරන ලද නිල දැනුම්දීමකට අනුව, මෙම දැවැන්ත ආයෝජනයේ ප්‍රධාන අරමුණ වන්නේ සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමයි.

     

    Video Story

    Stock Market

    Exchange Rates