සිංගර් ශ්‍රී ලංකා විසින් 13 වන පරම්පරාවට සරිලන Dell Inspiron ලැප්ටොප් සහ Vostro ඩෙස්ක්ටොප් හඳුන්වා දෙයි

    July, 6, 2023

    Dell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නිල නියෝජිතයා වන සිංගර්, 13 වන පරම්පරාවේ Inspiron සහ Vostro සන්නාමගත පාරිභෝගික සහ වාණිජ ඩෙල් නිෂ්පාදන හඳුන්වා දීම නිල වශයෙන් නිවේදනය කළේය.  සිංගර් වෙතින් මිල දී ගන්නා සෑම Dell නිෂ්පාදනයක්  සඳහා ම  සිංගර් වගකීම හිමි වීම විශේෂත්වයකි.

    ගුණාත්මක නිෂ්පාදන වගකීමෙන් යුතු ව බෙදා හරින සමාගමක් වන සිංගර්, ගෙන්වා බෙදා හරින සියලු ම නිෂ්පාදන සඳහා නීත්‍යනුකූල වගකීමක් ලබා දෙන අතර, ඊට අවශ්‍ය රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි නිසියාකාරව පිළිපදිමින්, බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට ද එම සමාගම කැප වෙයි.  අඛණ්ඩ හා කාර්‍යක්ෂම බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීම වෙනුවෙන් සිංගර් සමාගම දක්වන කැප වීම නිසා ම එම සමාගම  තුන් වන වරටත් 'වසරේ බෙදාහරින්නා' ලෙස තේරී පත් විය.

    සිය පාරිභෝගිකයින් වෙත තරඟකාරී මිල ගණන් යටතේ නිෂ්පාදන පිරිනැමීමට නිරන්තරයෙන් කටයුතු කරන සිංගර් සමාගම, සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ හැකි උපරිම වාසි සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු කරයි.

    සිංගර් සමාගම අලුතින් හඳුන්වා දුන් Vostro සහ Inspiron නිෂ්පාදන පෙළ වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුක්ත වන අතර, Intel i3, i5, සහ i7 processor මගින් බල ගැන්වෙන SKU වලින් සමන්විත වේ. එය පෙර මාදිලිවලට සාපේක්ෂව ඉහළ කාර්‍යසාධනයකින් යුක්ත වන අතර, එමගින් පරිශීලකයින්ට සිය එදිනෙදා ක්‍රියාකාරකම් ඇතුළු සියලු ම කාර්‍යයන් සඳහා වඩා කාර්යක්ෂම අත්දැකීමක් ලබා දෙයි.

    සමස්තයක් ලෙස ගත් කල, නීත්‍යානුකූලභාවය වෙනුවෙන් සිංගර් කැපවීම, පෙන්වමින් උසස් ක්‍රියාකාරිත්වයෙන් යුත් නවතම Dell නිෂ්පාදන, දැරිය හැකි මිල ගණන් යටතේ ලබා ගැනීමේ පහසුව උදා කර දී ඇත. නව Dell නිෂ්පාදන සිංගර් අන්තර්ජාල වෙළෙඳසැල හරහා හෝ දිවයින පුරා ඕනෑ ම සිංගර් බලයලත් අලෙවි නියෝජිතයින්  හරහා මිලදී ගත හැකිය.  වැඩි විස්තර සඳහා, https://www.singersl.com/ වෙත පිවිසෙන්න.