සියපත ෆිනෑන්ස් සිය 43 වැනි ශාඛාව කිලිනොච්චියේ දී විවෘත කරයි

    January, 26, 2023

    සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියපත ෆිනෑන්ස් ආයතනය විසින් සිය නවතම 43 වැනි  ශාඛාව පසුගිය දා කිලිනොච්චි නගරයේ දී විවෘත කරන ලදි. උතුරු පළාතේ පාරිභෝගික ජනතාව වෙත විශිෂ්ට හා විශ්වාසනීය මූල්‍ය සේවාවක් ලබා දීම තව දුරටත් තහවුරු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.

    අංක 317, කාකකඩෙයි හන්දිය, ඒ-9 පාර යන ලිපිනයෙහි පිහිටා ඇති නව කිලිනොච්චි ශාඛාව, දීප ව්‍යාප්ත ශාඛා ජාලයට එක් කිරීම පසුගිය දා සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් උත්සවාකාරයෙන් සිදු කරන ලද අතර, කරච්චි ප‍්‍රාදේශීය ලේකම් බාලසුන්දරම් ජෙයහරන්, මහ බැංකුවේ ප‍්‍රාදේශීය කළමනාකාරිණී (කිලිනොච්චි) කාර්තිකා නිරෝජන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.ආර්.ඒ.  ගුණරත්න යන මහත්ම මහත්මීන් එම උත්සවයට සහභාගි විය.

    කිලිනොච්චි ප‍්‍රදේශයේ පාරිභෝගික ජනතාවට වඩාත් සමීප වෙමින් ශක්තිමත් මූල්‍ය අත්වැලක් ලබා දීම අරමුණු කරගත් නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත මෙම නවතම සියපත ෆිනෑන්ස් ශාඛාව ස්ථාවර තැන්පතු, ඉතුරුම්, කල්බදු (ලීසිං), ව්‍යාපාරික ණය, රන් ණය, පෞද්ගලික ණය ඇතුලූ පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවාවන් රැසක් පිරිනැමීමට සූදානම් වී සිටී.

    සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූයේ මේ අයුරිණි. "කිලිනොච්චිය උතුරු පළාතේ සුවිශේෂී නගරයක් වගේ ම රටේ ආර්ථිකයට ප‍්‍රධාන දායකත්වයක් ලබා දෙන නගරයක්. අප නවතම ශාඛාව මගින් නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දීමටත්, මෙම කලාපයට අවශ්‍යය විශ්වසනීය මූල්‍ය සේවාවන් සහ මූල්‍ය විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙන බව මම විශ්වාස කරනවා, අප ආයතනය ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේ ම පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා පළපුරුදු සහ දැනුමැති වෘත්තිකයන් කණ්ඩායමකින් සියපත ෆිනෑන්ස් නව ශාඛාව ද සමන්විත බව පැවසීමට කැමතියි."

    සියපත ෆිනෑන්ස් සමාගම දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයකින් සමන්විත ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නෙකු වන අතර, සිය ගනුදෙනුකරුවන්ට ප‍්‍රමිතියෙන් යුතු විශිෂ්ට සේවාවක් සහතික කිරීම සඳහා සිය මූල්‍ය සේවා මනාව සැලසුම් කර ඇත.  පසුගිය වසර 17 තුළ, සියපත ෆිනෑන්ස්  ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප‍්‍රවර්ධනය කිරීමට සහ තම පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. සමාගමේ මූල්‍ය සේවාවන් අඛණ්ඩව ව්‍යාප්ත කිරීම සඳහා කැපවෙමින්, පාරිභෝගික ජනතාවගේ ව්‍යාපාරික හා පෞද්ගලික මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහයෝගය ලබා දෙමින්. විශ්වාසනීය මූල්‍ය සහකරු ලෙස සියපත ෆිනෑන්ස් කටයුතු කරනු ලබයි.

    සියපත ෆිනෑන්ස් කිලිනොච්චි ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 021 7 605 625 අමතන්න. නැති නම් www.siyapatha.lk වෙත පිවිසෙන්න.

     

    ඡායාරූප විස්තරය - සියපත ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප‍්‍රධාන අලෙවි නිළධාරී මතීෂ හේවාවිතාරණ, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී රජීව් ද සිල්වා, ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී ප‍්‍රසාද් උඩුගම්පොල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.ආර්.ඒ. ගුණරත්න සහ මහ බැංකුවේ කිලිනොච්චි ප‍්‍රාදේශීය කළමනාකාරිණි කාර්තිකා නිරෝජන් යන මහත්ම මහත්මීහු සියපත ෆිනෑන්ස්  කිලිනොච්චි ශාඛාව  විවෘත කරමින්.