December, 5, 2023
තමාට දැනගන්නට ලැබී ඇති පරිදි සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (05) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
පාසැල් පොත්පත් සඳහා වැට් බදු පනවන්නේ දැයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පා.ම. ඩලස් අලහප්පපෙරුම - අපිට දැනගන්න තියෙන විදියට වැට්, පළවෙනි වතාවට පාසැල් දරුවන්ගේ පොත්පත් සඳහා ආදේශ කරන්නට යන බව දැනගන්නට තියෙනවා. ඒක ඇත්තක් ද?
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - වැට් සම්බන්ධයෙන්, මුදල් අමාත්‍යාංශයෙන් තමයි ඒක යොදලා තියෙන්නේ. මෙතෙක් වැට් නොයෙදපු ඒවාටත් වැට් යෙදෙන බව තමයි තියෙන්නේ. දැන් ඉරිදා තියෙනවා විවාදය. එතනදී සැක හැර දැනගන්න පුළුවන්. නමුත් මට දැනගන්න තියෙන හැටියට, වැට් බද්ද සියලුම භාණ්ඩවලට දාන්න වෙනවා. ඒ අය කියන හැටියට. නමුත් මම ඉල්ලීමක් කළා, විශේෂයෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ, ඒවායේ වැට් බද්ද ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කියලා.
Video Story