සුන්දර සිනාවකින් නව වසර පිළිගන්නට ඩෙන්ටල් වන් වෙතින් ඇරයුමක්

    January, 14, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන් ජාලය, මෙම නව වසරේ ඔබගේ සිනහව තවත් සුන්දර කරගනිමින් නව වසර ධනාත්මකව ආරම්භ කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඇරයුම් කරයි.

    නව වසරක උදාව යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට සුදුසුම කාලයයි. ජීවිතය දෙස ධනාත්මකව බලමින් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට හොඳම ක්‍රමයක් නම් සිනහවයි. සුන්දර සිනහව ඕනෑම පුද්ගලයෙකුගේ ආකර්ෂණය සහ ආත්ම විශ්වාසය තව දුරටත් වැඩි කරයි- සුන්දර සිනහවක් සඳහා යහපත් මුඛ සහ දන්ත සෞඛ්‍ය සනීපාරක්ෂක පුරුදු අනුගමනය කළ යුතු වෙනවා වගේම පිළිගත් දන්ත සායනයක් වෙතින් සිනහව වැඩි දියුණු කිරීමේ ප්‍රතිකාර ප්‍රතිකාර ක්‍රම ලබාගත හැක. ඩෙන්ටල් වන් වෙතින් සපයනු ලබන සිනහව ඔප් නැංවීමේ ප්‍රතිකාර (Smile Enhancement) මඟින් ඔබේ ආත්ම විශ්වාසය මෙන්ම ආකර්ෂණීය පෙනුමද වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇත. වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මෙම ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමේ හැකියාව තිබෙන අතර විවාහ මංගල්‍යයට සූදානම් වන මනාල මනමාලියන් සඳහා මෙය විශේෂයෙන් සුදුසු වේ.

    නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්‍රතිකාර සේවයන් ලබා දෙන විශේෂිත දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඩෙන්ටල් වන් ආයතනය මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතී. ඩෙන්ටල් වන් සියලුම ශාඛා මඟින් රෝගීන්ට පුළුල් පරාසයක මුඛ සෞඛ්‍ය සේවාවන් සපයන අතර සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවාවන් යටතේ රෝගීන්හට මුඛ පරීක්ෂණ, විදුරුමස් රැකවරණය, පිරවුම්, දන්ත මූල වැනි ප්‍රාථමික දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර ලබා ගත හැක. දන්ත කුහර ඉවත් කිරීම හා අළුත්වැඩියා කිරීම, අනතුරු හෝ වැටීම් හේතුවෙන් ඇතිවන දත් බිදීම් අළුත්වැඩියා කිරීම, විකලාංග දන්ත වෛද්‍ය සේවාවන්ද (ඕතොඩොන්ටික්ස්) ඩෙන්ටල් වන් වෙතින් ලබා ගත හැකිවේ.

    එමෙන්ම ළමා දන්ත සේවාවන් සැපයීමේ දී වේදනාව අවම කොට ඔවුන්ගේ ළමා මනසින් බිය තුරන් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වයි. තවද ක්‍රීඩා දන්ත ආරක්ෂණ සේවාවන් හරහා ක්‍රීඩාවන් වලට සහභාගී වීමේදී ඔබේ දත් සහ මුඛය ආරක්ෂා කර ගැනීමට විද්‍යාත්මකව නිපදවන මුඛ ආරක්ෂක සහ විදුරුමස් පලිහ, මුහුණ තුවාල විම අවම කිරීම සඳහා ආරක්ෂිත පැළදුම්ද ලබා ගත හැක.

    සියලුම ඩෙන්ටල් වන් ශාඛාවන් ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව රෝගීන්ගේ සුවපහසුව කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් කර ඇති අතර මනා වෘත්තීයමය පුහුණුව ලත් විශේෂඥයින්ගෙන් සමන්විතය. මෙහි මිත්‍රශීලී කාර්ය මණ්ඩලය සෑම විටම රෝගීන් හට වේගවත්, සරල හා ප්‍රසන්න අත්දැකීමක් ලබා දීමට සූදානම්ව සිටී.

    011-2720505 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් හෝ www.dentalone.lk හරහා ඩෙන්ටල් වන් සමඟ සම්බන්ධ විය හැකිය. ඩෙන්ටල් වන් ශාඛාවන් මීගමුව, පානදුර සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පවතින අතර ඉදිරි මාසවලදී තවත් ප්‍රදේශයන් කිහිපයක සායන විවෘත කිරීමට නියමිතය.