සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කාර්මික ඩ්‍රෝන ක්ෂේත්‍රයට යොමු වෙයි

    July, 30, 2021

    1994 වසරේදී අතින් ගෙන යා හැකි මෙවලම් හරහා ගෝලීය ස්ථාපන පද්ධති (Global Positioning Systems) හඳුන්වා දුන් SiT සමාගම ගෝලීය ස්ථාපන පද්ධති, භූගෝලීය තොරතුරු පද්ධති සහ සන්නිවේදන විසඳුම් රජයේ ආයතන සහ වෙනත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සඳහා පිරිනමමින් සිය ව්‍යාපාරික කටයුතු ශීඝ්‍රයෙන් වර්ධනයකර ගැනීමට සමත් විය.

    ඉදිකිරීම්, වාරිමාර්ග සහ හමුදා කටයුතු සඳහා කාර්මික ඩ්‍රෝන අත්හදා බැලූ සහ ක්‍රියාත්මක කළ ප්‍රථම සමාගම SiT සමාගමවන අතර එය ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ඩ්‍රෝන නාශක තාක්ෂණය සහ ප්‍රතිරෝධි විසඳුම් ලබාදීමේ මෙරට පුරෝගාමී සමාගමක් ද වෙයි. තවද, දිවයින පුරා කෘෂිකාර්මික ඉසීම් /සීකර සේවා (Agricultural Spraying Services) සාර්ථකව හඳුන්වා දෙමින් කෘෂිකර්මාන්තය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට ද කටයුතුකර ඇත.

    චීනයේ ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදකයාවන Dà-Jiāng Innovations (DJI) සමාගම සමග 2017 වසරේදී හවුල්කාරිත්වයකට එළඹෙමින් භූගෝලීය තොරතුරු විසඳුම් (GIS) තවදුරටත් පුළුල් කිරීමට සුමති හෝල්ඩින්ග්ස් සමූහය සමත්ව සිටී.

    කෘෂිකර්මාන්තය වැනි දේශීය කර්මාන්ත සඳහා ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීම තුළින් ගොවි ජනතාවගේ කාලය ඵලදායී ලෙස යොදා ගැනීමටත්, අස්වනු කළමනාකරණය කරගැනීමටත් අවස්ථාව සැලසෙන අතර වගාවට මීටර 30ක පමණ ඉහලින් සිට සත්කාර කිරීමට සහ වගාවේ වර්ධන අවදියේදී බිම් මට්ටමේ සිට ඒවාට අවශ්‍ය සත්කාර සිදු කිරීමට ද හැකිවන බැවින් එම තාක්ෂණය සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තයට විශාල ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි. ඩ්‍රෝන මගින් ලබාදෙන ඉහල ගුණාත්මක බවින් යුතු කලාපීය සිතියම් අනාගත පරිහරණයට සහ වගා සැලසුම් කිරීමට ඉතා වැදගත් වේ. දුරස්ථව වගා සහ පශු සම්පත් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ මාත්‍රා සමගින් ඉලක්කගත පෝෂණ හෝ පළිබෝධනාශක යෙදවීම මගින් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ලාභ උපයා ගැනීමට හැකි වේ. NASA ආයතනය මගින් නිර්මාණය කරන ලද NDVI තාක්ෂණය හරහා පැළයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මිනිසාගේ ඇසට වඩාත් පැහැදිලිව නිරූපණය කරන ඡායාරූප ලබාගත හැකි බැවින් වගාව පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළඹිය හැකිය. මෙමගින් False-Colour අනුරූපණය බැහැරකර අපතේයාම අවම කරයි. තවද, වල්පැළ, රෝග සහ කෘමි උවදුරු නියමිත කාලයේදී හඳුනාගෙන වගාව වඩාත් හොඳින් කළමනාකරණයකර ගැනීමට සහ ආරක්ෂාකර ගැනීමට හැකි වේ.

    "නව තාක්ෂණය සහ ප්‍රවේශ සමගින් ඉදිරියට ගමන් කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටුවනවා. පසුගිය දශකයක කාලය පුරා තාක්ෂණය බෙහෙවින් වෙනස් වී ඇති බැවින් අප කර්මාන්ත මගින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කළ යුතුයි. ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම හරහා ඵලදායීතාව වර්ධනයකර ඉහල ලාභයක් උපයාගත හැකිවන පරිදි ඵලදායී ලෙස සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබෙනවා," යනුවෙන් සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ චදූ සුමතිපාල මහතා සඳහන් කළේය.

    නව තාක්ෂණය හඳුන්වා දෙමින් SiT සමාගමට පුළුල් පරාසයක විහිදුනු ව්‍යාපාර සහ සේවා අංශ වෙනුවෙන් නවීන සේවා රැසක් පිරිනැමීමට හැකිවනු ඇත. ඩ්‍රෝන තාක්ෂණය හරහා වරාය කාර්යාලවල සිට නැව් දක්වා අත්‍යවශ්‍ය ලියකියවිලි ගෙන යාමට හැකි වේ. තවද, රෝහල්, රසායනාගාර සහ ප්‍රධාන පෙළේ ඔසුසල් අතර රුධිර සාම්පල/වෛද්‍ය වාර්තා/හදිසි ඖෂධ ප්‍රවාහනය කිරීමට ද හැකි වේ. තත්කාලීන වීඩියෝ සමගින් ඉදිකිරීම් පරිශ්‍රවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම,
    ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍ර තුළ අධි බලැති සේදුම් සමගින් ඵලදායී සහ පිරිවැය කාර්යක්ෂම ලෙස ගොඩනැගිලි නඩත්තු කටයුතු සිදුකිරීම, සැබෑ ඡායාරූප සමගින් ඉහල නිරවද්‍යතාවකින් යුතු සමීක්ෂණ සිතියම් ලබා ගැනීම සඳහාද ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකිය.

    ගිණි නිවීම් කටයතු සඳහා ද ඩ්‍රෝන ඉතා සාර්ථක ලෙස යොදාගත හැකි අතරම මුදවා ගැනීමේ මෙහෙයුම් සැලසුම් කිරීම, මෙහෙයුම් කාමරයේ සිට සජීවී වීඩියෝ දර්ශන ලබා ගැනීම, මිනිසාට ළඟා විය නොහැකි ස්ථාන වෙත ගුවනින් ගිණි නිවීමේ පවුඩර් ඉසීම ආදී කාර්ය රැසක් සඳහා ඩ්‍රෝන යොදාගත හැකිය.

    ඉහල කාර්යක්ෂමතාවකින් සහ අතපසුවීම් අවම ලෙස වනජීවී සහ වනාන්තර කළමනාකරණය සඳහා ද ඩ්‍රෝන යොදාගත හැකිය. සූර්යබල පැනල පරික්ෂාව සහ නඩත්තුව මෙන්ම සුළං විදුලි බලාගාරවල ටර්බයින් පරික්ෂාව ද සැලකිය යුතු මට්ටමින් අවදානම් අවම කර ගනිමින් සිදුකර ගැනීමේ අවස්ථාව ද ඩ්‍රෝන මගින් හිමිකර දෙයි. වරින්වර ගුවන්යානා සහ ගුවන්යානා ධාවන පථ පරික්ෂාව සඳහා ද ඩ්‍රෝන ඉතා සාර්ථකව යොදාගත හැකිය. නාගරික සැලසුම්කරණය, සංවර්ධනය, වෙරළ සංරක්ෂණය සහ මත්ස්‍ය වගාව ද ඩ්‍රෝන තාක්ෂණය හරහා සාර්ථකව සංවර්ධනය කළ හැකි ක්ෂේත්‍ර අතර වේ.

    ව්‍යවසාය සහ කෘෂි ඩ්‍රෝන ක්ෂේත්‍රයේ මෙරට වෙළෙඳපොල ප්‍රමුඛයා මෙන්ම DJI සහ Pix4D මෙරට එකම බලයලත් අලෙවි නියෝජිතයාද වන SiT සමාගම ඩ්‍රෝන උපයෝගිතා සහ අනුරූපණ මෘදුකාංග, වෘත්තීය ඡායා රේඛනමිතිය, ව්‍යවසාය සහ කෘෂි ඩ්‍රෝන සැපයුම, කෘෂි ඉසීම්/සීකර සේවා, ඩ්‍රෝන හඳුනා ගැනීමේ සහ විනාශ කිරීමේ තාක්ෂණය ආදී සේවා රැසක්ද සපයමින් අලෙවියෙන් පසු කීර්තිමත් සේවාවක් පිරිනමන සමාගමකි.