සුමති සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රාහකත්වය

    March, 13, 2023

    දේශීය කලාකරුවන්ට සහ කලා නිර්මාණ අංශයට දක්වන දායකත්වයේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුව 2020 සහ 2021 වසර සඳහා මෑතකදී පැවැත්වූ සුමති සම්මාන උළෙලට නිල බැංකු පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීය.

    ‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහභාගී වූහ.

    1995 සිට අඛණ්ඩව වසර 25 කට අධික කාලයක් පවත්වා ඇති මෙම සම්මාන උළෙල දේශීය කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීමට සිදුකරන මෙහෙවර ඇගයීමට සුමති සම්මාන උළෙලට අනුග‍්‍රාහකත්වය දක්වන බව කොමර්ෂල් බැංකුව ප‍්‍රකාශ කරයි.

     

    සේයාරුවෙන් දැක්වෙන්නේ (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ යන මහත්වරුන් සුමති සම්මාන උළෙලේ සම්මාන පිරිනැමූ අයුරුයි.