October, 26, 2023
මුදල් ව්‍යාපාර පනතේ නීති උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු රැස්කිරීම යන කරුණ යටතේ, අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ලිපිනයෙහි පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ සුරේෂ් මධුශංක නම් අයට සහ ඔහුගේ ආයතනය වන අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ස්ථානයේ ලියාපදිංචි ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංස් (පීවීටී) එල්ටීඩී (පීවී 00237690) යන සමාගමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව,
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023.09.06 දින,
අ) අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ස්ථානයේ ලියාපදිංචි ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංස් (පීවීටී) එල්ටීඩී (පීවී 00237690) යන සමාගම, සහ
ආ) අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ලිපිනයෙහි පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ සුරේෂ් මධුශංක (9206941525) යන අය,
විසින් එකී පනතෙහි ප්රතිපාදනයන් උල්ලංඝනය කරමින් තැන්පතු භාරගත් බවට තීරණය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනයා වෙත දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට තවදුරටත් දැන්වීම් නැරඹීමේ පැකේජ විකිණීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාරගැනීම සිදු නොකරන ලෙසටත් විධාන කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් ලබා ගැනීම, ණය ලබා දීම, නව ආයෝජනයන් සිදු කිරීම, වත්කම් විකිණීම හෝ පැවරීම, යම් ගිණුමකට, දේපළකට, ආයෝජනයකට අදාලව සියළු ගණුදෙනු සිදු කිරීම තහනම් කරමින් එවැනි කටයුතු ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
