• Ada Derana BIZ Sinhala
  • Assetline
  • Deshayata Jawayak
  • entrepreneurs
  • sri lanka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට අත්වැල දෙන ඇසට්ලයින් ‘දේශයට ජවයක්’ වැඩමුළුව

December, 9, 2022

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සමාජ සත්කාරක මෙහෙයුමක් ලෙස ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් සංවිධානය කරන ‘දේශයට ජවයක්’ වැඩමුළුවේ පළමු අදියර 2022 දෙසැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට මාතර, කඹුරුගමුව, තල් අරඹේ පිහිටි DPMC සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

මේ වැඩමුළුවේ දේශකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සහ ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයේ සභාපති, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ජාතික පුහුණු උපදේශක චාමින්ද කුමාරසිරි මහතා විසින්.

වර්තමානයේ පවතින ආර්ථික වටපිටාව තුළ තම ව්‍යාපාරයට එල්ල වන බලපෑම් කළමනාකරණය කරගනු ලබන ආකාරය, මූල්‍ය කළමනාකරණය සහ සාක්ෂරතාව පිළිබදව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දැනුවත් විය යුතු දේ, නව ව්‍යාපාරික අවස්ථා හදුනා ගනිමින් ඒ ඔස්සේ අභියෝග ජයගැනීමේ මාර්ගය ඇතුළු බොහෝ දේ පිළිබදව මෙම වැඩමුළුවේදී කතා කරනවා.

ඔබේ තොරතුරු 0777426703ට වට්ස්ඇප් කරල මේ වැඩමුළුවට ලියාපදිංචි වෙන්න. මුලින්ම එන 100 දෙනාට තමයි මේ සදහා සහභාගි වෙන්න අවස්ථාව හිමි වෙන්නෙ.

ඇසට්ලයින් ෆිනෑන්ස් විසින් මෙය නොමිලේම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස සිදු කරනු ලබනවා.