සූර්යා New Generation Awards 2023 උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි

    October, 5, 2023

    Sun Match සමාගමේ ප්‍රමුඛතම සන්නාමයවන සූර්යා, සිව්වන වරටත් New Generation Awards උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම උළෙලේදී තරුණ තරුණයින්ගේ නවෝත්පාදන, විශිෂ්ටතා, විවිධ ක්ෂේත්‍රවල ඇති දක්ෂතා ඇගයීමට හා සැමරීමට ලක් වේ.

    ලාංකීය  නව පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන්  සූර්යා මෙම සම්මාන උළෙලේ  ආරම්භය සිදුවූ  2020 වසරේ සිටම උළෙලට අනුග්‍රහය දක්වයි. මෙම වසරේදී  සූර්යා ප්ලැටිනම් අනුග්‍රාහකයා සහ ප්‍රධාන හවුල්කරු ලෙස මේ හා සම්බන්ධ විය. මෙම හවුල්කාරිත්වය, තාරුණ්‍යයේ  නිර්මාණශීලීත්වය පෝෂණය කිරීමට සහ ඊළඟ පරම්පරාවේ ව්‍යාපාරික නායකයින් සවිබල ගැන්වීම කෙරෙහි සූර්යා තුළ ඇති  දැක්ම තවත් ශක්තිමත් කරයි.

    The WIM New Generation Chapter (NG Chapter) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) එක්ව New Generation Awards 2023 උළෙල සංවිධානය කරයි. උළෙල 2023 ඔක්තෝබර් 3 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී සාර්ථක ලෙස පැවැත් විය.

    "නව පරම්පරාවේ  ව්‍යවසායකයින් අපගේ  රටේ අනාගතය සහ බලාපොරොත්තුව වේ. රට දැය වැඩි දියුණු කළ හැකි නවෝත්පාදන හා ව්‍යාපාර දියුණු කිරීමට අප ඔවුන්ව දිරිමත් කළ යුතුයි. මෙම සම්මාන උළෙල මේ සඳහා විශාල රුකුලක්වනවා." යැයි සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන අලෙවි නිලධාරී, ගෞරි රාජන් මහත්මිය පැවසුවා. මේ පිළිබදව තවත් අදහස් එක් කරමින් එම මහත්මිය පවසා සිටියේ "සම්මානලාභීන් සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්ව ගමනට සහය වීම සඳහා අඛණ්ඩ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම අපගේ අරමුණවන අතර  නවෝත්පාදන සඳහා ඔවුන් දිරිමත් කිරීමට බලාපොරොත්තුවනවා"

    මෙවර සම්මාන උලෙළේ තේමාව වූයේ ‘එඩිතර ව වෙනස කරා' යන්නයි, මෙය තාරුණ්‍යයට නව පෙරළියක් ඇති කිරීමට අභියෝග කරනවා පමණක් නොවේ, ක්ෂේත්‍රයේ වෙනසක් සිදු කළ සූර්යා හි ගමන් මඟ සමඟද  මනාවට ගැලපේ. ලාංකීය වෙළඳපොළ  තුළ ලී ගිනිකූරු ප්‍රචලිතව පැවති කාලවකවානුවේදී සූර්යා ඉටි ආලේපිත ගිනිකූරු හඳුන්වා දෙමින් පෙරළිකාර වෙනසකට  මුල පුරන ලදී. මේ වන විට සූර්යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්ව ඇත්තේ පෙරළිකාර වෙනසකම් සිදු කළ නිසයි.

    The WIM New Generation Awards 2023 හිදී විශිෂ්ටතා දැක්වූ තරුණ තරුණියන් 50 දෙනෙකු ඇගයීමට ලක් විය. මොවුන් තෝරා ගනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මඩුල විසිනි.

    Women in Management හි සභාපතිනිය සහ New Generation Chapter හි   නිර්මාතෘවරියවන ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සම්මාන උළෙල ගැන අදහස් දක්වමින් "New Generation Awards තුළින් අපි තරුණ පරපුරේ නවෝත්පාදන හැකියාව හා අධිෂ්ඨානශීලිත්වය  අගය කරනු ලබන අතර මෙම  සම්මාන උළෙල සඳහා අපිව පොළඹවූයේ නව පරපුරේ අනාගත නායකයින්ගේ දක්ෂතා හා අධිෂ්ඨානශීලිත්වයයි" බව ප්‍රකාශ කර සිටියාය.

    ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා අදහස් එක් කරමින් පවසා සිටියේ "සම්මානයක් කියන්නේ අපගේ තරුණ පරම්පරාවේ උත්සාහයන් හා නවෝත්පාදන ඇගයීමට ලක් කරනු ලබන සුවිශේෂ අවස්ථාවක්. මෙම සම්මාන හා ඇගයීම් හරහා නව පරපුරේ දූරදර්ශි නායකයින් සහ ව්‍යවසායකයින් බිහි කිරීම හා මඟ පෙන්වීම කෙතරම්  වැදගත් දැයි පෙන්වා දෙනවා. අපගේ තරුණ නායකයින්ගේ විශිෂ්ට දක්ෂතා ඇගයීම ඔස්සේ ඔවුන් තවත් දිරිමත්වන අතර එය අපගේ  ලෝකය  නව මාවතකට ගෙනයාමට කටයුතු කරන ආකාරය දැකීමෙන්  මා සතුටුවනවා”.

    සූර්යා ගමන් මඟ ආරම්භ වූයේ මීට දශක හතරකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම  ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකුරු හඳුන්වා දෙමිනි, අද වන විට ශ්‍රී ලාංකික  ගෘහයන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් ලෙස  විවිධ සිත් ඇඳ ගන්නා සුළු සුවඳ වර්ග 14කින් යුතු සුවඳ  කූරුද වෙළඳපොළට හඳුන්වා දී ඇත.. රට පුරා සිටින පාරිභෝගිකයින්ගේ නොමද  විශ්වාසය දිනාගත් සූර්යා තම විශ්වාසය වර්ධනය කිරීමටත්,  පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමටත්  ගෞරවනීය ශ්‍රී ලාංකේය නිළි යශෝධා විමලධර්ම තම සන්නාම තානාපතිනිය ලෙස තෝරා පත් කරගන්නා ලදී.

    සූර්යාහි සුවිශේෂ ගුණාංග New Generation Awards හි දැක්ම සමඟ මනාවට ගැලපෙන අතර, එය අනාගත නායකයින් ඇගයීමට පමණක් නොව ඔවුන්ගේ ගමනට දිරියක් වීමටද කටයුතු කරයි.

     

    ඡායාරූපය - සන් මැච් සමාගමේ සභාපති දේශමාන්‍යය සූරී රාජන් මහතා New Generation Awards 2023 හිදී වසරේ යෞවන වෘත්තීයවේදීයා හට හිමි සම්මානය පිරිනමනු ලබන අවස්ථාව.