සෙන් ඇන්තනී සමූහ ව්‍යාපාරය හා ජිනසේන සමාගම සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    September, 23, 2016

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කේවල සමාගම් දෙකක් සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    මෙරට දැවැන්ත කේවල සමාගම් දෙකක් වන සෙන් ඇන්තනීස් ඉන්ඩස්ටී‍්‍රස් සමූහ ව්‍යාපාරය (St. Anthony’s Industries Group) සහ ජිනසේන සමාගම (Jinasena Ltd) පවතින තරගකාරීත්වය හමුවේ සිය ව්‍යාපාරික ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමේ අරමුණ පෙරදැරිව අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී.

    දිවයින පුරා ව්‍යාප්තව පවතින දැවැන්ත ජාලයකට හිමිකම් කියන මෙම දේශිය කේවල සමාගම් දෙක සිය පාරිභෝගිකයින් වෙනුවෙන් වඩාත් පහසු සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙලෙස අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් දිනා සිටින සෙන් ඇන්තනීස් ඉන්ඩස්ටී‍්‍රස් සමූහ ව්‍යාපාරය ශී‍්‍ර ලංකාව පුරා ව්‍යාප්තව පවතින බෙදාහැරීම් ජාලයකින් සමන්විත වන අතර ජිනසේන සමාගම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ ද ආවරණය වන පරිදි දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයකට හිමිකම් කියනු ලබයි. මෙලෙස ව්‍යාපාර සහයෝගිතාවයකට එළැඹීම හරහා පාරිභෝගිකයින් අතරට පහසුවෙන් සමීප වීමටත්, දෙපාර්ශවය වෙතින්ම ලබාදෙන සේවාවන් අත්විදීමේ අවස්ථාව ඔවුන් වෙත උදාකරදීම හරහා ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අපෙක්ෂා කෙරේ.

    1958 වසරේ සිට දශක හයකට ආසන්න කාලයක් පුරා ශී‍්‍ර ලංකාවේ ජලනල හා බැදුණු උපාංග පිළිබ`දව පාරිභෝගිකයින්ගේ හදවත් දිනාගත් සන්නාමයක් වන ‘‘ඇන්ටන්’’ නාමය යටතේ එන "PVC" HDPE" CPVC පයිප්ප නිෂ්පාදන සහ අලෙවිය සිදුකරනු ලබන්නේ සෙන් ඇන්තනීස් ඉන්ඩස්ටී‍්‍රස් සමූහ ව්‍යාපාරයයි. ඊට අමතරව එම සමාගම විසින් Max, Dolphin වතුර ටැංකි, Ultima PVC දොර ජනෙල්, BioCell අපවහන ජල පිරිපහදු පද්ධති, Polar Insulation foils විවිධ වූ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරනු ලබන Net-Z PVC දැල් සහ Azure ජල පිරිපහසු ඒකක ඇතුලූ උපාංග රැුසක් වෙළෙදපොළට හදුන්වා දී තිබේ.

    වසර 110ක් පසුකරමින් ඉදිරියට ඇදෙන ජිනසේන සමාගම දේශිය හිමිකරුවකු යටතේ ආරම්භ වූ පළමු ඉංජිනේරු සමාගමයි. 1932 වසරේ දී ආරම්භ කෙරුණු එම සමාගම ශී‍්‍ර ලංකාවේ ඉංජිනේරු සමාගම් ශ්‍රේණිගත කිරීම් වල පළමු සමාගම් 05 අතරට ඇතුළත්ව පවතී. 1950 වසරේ දී ටී.එස්. ජිනසේන මහතා විසින් පළමු ජිනසේන වතුර පොම්පය නිෂ්පාදනය කරනු ලැබූ අතර මේ වන විට මෙරට පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන ජල පොම්ප මෙන්ම ගොවි මහතුන්ගේ අවශ්‍යතාවයන්ට නියමආකාරයෙන් ගැලපෙන ට‍්‍රැක්ටර් ඇතුලූ උපාංග රැුසක් වෙළෙදපොළට හදුන්වා දී තිබේ.

    සමාගම් දෙක අතර ඇතිකරගත් අවබෝධතාවයට අනුව ජිනසේන ජල පොම්ප සහ පීඩන පොම්ප ඇන්ටන් බෙදා හැරම් ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන අතර ජිනසේන සමාගමට අයත් ශාඛා ජාලය මගින් ඇන්ටන් ජලනල සහ උපාංග, ජල ටැංකි සහ අනෙකුත් නිෂ්පාදන පාරිභෝගිකයින් අතරට රැුගෙන යාමට කටයුතු සංවිධානය කෙරේ.

    ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූ Jeewan Gnanam සහ Anil Amarasuriya යන මහත්වරුන් දශක ගණනාවක් පුරා ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ කීර්තිමත් සහ ජනතා විශ්වාසය දිනාගත් සමාගම් දෙකක් ලෙස මෙලෙස එක්ව වඩාත් ඵලදායි සේවාවක් සිය පාරිභෝගිකයින් වෙත ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබදව සිය ප‍්‍රසාදය ද පල කරන ලදී.