January, 3, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘Tikiri Save the Moment’ නමින් විශේෂ ඡායාරූප තරඟයක් ආරම්භ කරන ලදී. මෙය තම ජීවිතවල වඩාත්ම සුන්දර අවස්ථාවන් ඡායාරූපයට නැගීමට දරු දැරියන් යොමුකරවන තරඟයකි. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 හේතුවෙන් සංචරණයන් බොහෝ දුරට සීමා වූ පසුබිමක් තුළ, බොහෝ දරුවන් විනෝදය උදෙසා ඡායාරූපකරණය වෙත නැඹුරු වී සිටිනු දක්නට ලැබුණු අතර, ඒ නිසාම මෙම තරඟය දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය.
තමන් දකින සුන්දර දේවල් ඡායාරූපයට නැගීම යනු, දරුවන්ගේ සිත් සතුටු කරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කරවන ක්‍රියාකාරකමකි. දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙම ඡායාරූප තරඟය ක්‍රියාවට නංවා තිබේ.
මෙරට ළමා ගිණුම් සම්බන්ධ පුරෝගාමියා වන සෙලාන් ටිකිරි, දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුමකි. ජාත්‍යන්තර ප්‍රවණතා අනුව හැඩගැසෙමින්, එම ප්‍රවණතා වලින් දරුවන්ට උපරිම ප්‍රයෝජන ලැබෙන පසුබිමක් නිර්මාණය කිරීමට සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරයි. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන් දැනුවත් කිරීමටත්, දිරිමත් කිරීමත් සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරන අතර, එහි නවතම අදියර වන මෙම ඡායාරූප තරඟය, දරුවන්ගේ නිරීක්ෂණ හැකියාව තීව්‍ර කරමින්, තම ආදරණීයයන් සමග ගතකරන සොඳුරු මොහොතවල් කැමරාවට හසුකර ගැනීමට ඔවුන් දිරිගන්වනු ඇත. ‘Tikiri Save the Moment’ තරඟයේ ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, තෝරාගත් ඡායාරූප සෙලාන් බැංකුවේ 2022 ආයතනික දින දර්ශනයේ මුද්‍රණය කෙරේ.
“සෙලාන් ටිකිරි යනු හුදෙක් ළමා ඉතුරුම් ගිණුමකට එහා ගිය දෙයක්. සංචරණ සීමා පැවති කාලය පුරාම අපි ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සම්බන්ධ කරගෙන විවිධ ක්‍රියාකාරකම් පැවැත්වූවා. සෙලාන් ටිකිරි යනු ඩිජිටල් අවකාශයේ වඩාත්ම ක්‍රියාකාරී සහ වේගයෙන්ම වර්ධනය වන ළමා ඉතුරුම් ගිණුමක්. අප වෙත ලැබුණු ප්‍රතිචාර අනුව මේ වසරේදී අපගේ ප්‍රවේශය වෙනස් කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් ක්‍රියාකාරකම් පෙළක් සංවිධානය කිරීමට අප පියවර ගත්තා. ඡායාරූපකරණය යනු මේ වනවිට දරු දැරියන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින දෙයක්. එය තවදුරටත් දිරිමත් කරමින්, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමට වේදිකාවක් සකස් කර දීම අපගේ අරමුණයි.” සෙලාන් බැංකුවේ විකුණුම් හා අලෙවිය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී ගාමික ද සිල්වා මහතා පැවසී ය.
‘ජනප්‍රියතම ඡායාරූප’ සහ ‘විශිෂ්ටතම ඡායාරූප’ යන කාණ්ඩ දෙක යටතේ මෙම තරඟය පැවැත්විණි. සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු තුළදී ලැබුණු ප්‍රතිචාර අනුව ජනප්‍රියතම ඡායාරූප කාණ්ඩයේ ජයග්‍රහණය සඳනි අලහකෝන්, හිමෙත් කෙම්සිලු, ජේ. හිරුෂාන්, මිනුදි විදුන්‍යා සහ සෙනුලි නෙතුම්සා විසින් දිනාගන්නා ලද අතර, අභ්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින් විශිෂ්ටතම ඡායාරූප කාණ්ඩයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ලෙස ආදිල් වීරක්කොඩි, මොහොමඩ් ෆයාස් ආතිෆ්, එම්. ඩබ්ලිව්. පමති සසෙන්යා, සමීහා සෆාස්, සහ රශිත් තෝරාගන්නා ලදි.
ඉදිරියටත් මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ, ශ්‍රී ලංකාවේ අනාගත පරපුර දැනුවත් සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්කරමින්, ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට සෙලාන් ටිකිරි දිගින් දිගටම කටයුතු කරනු ඇත.
සෙලාන් බැංකුවේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.seylan.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 2 00 88 88 අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
Video Story