December, 21, 2021
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම කොල්ලුපිටිය ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 490, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇත.
වසර ගණනාවක් තිස්සේ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සෙලාන් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව වෙතින් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගත්හ. ඔවුන්ට වැඩි පහසුවක් හිමි වන ආකාරයට, පුළුල් ඉඩකඩක් සහිතව නව ශාඛාව සැලසුම් කර තිබේ. එමෙන්ම එහි Premier Banking කවුන්ටරයක්ද වෙන්කර ඇති අතර, ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් සැලසීම සඳහා එහි පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරවරු සූදානමින් සිටිති.
“දීර්ඝ කාලයක පටන් අපගේ කොල්ලුපිටිය ශාඛාව, ගනුදෙනුකරුවන්ගේ ආදරය දිනාගත් ශාඛාවක් ලෙස ඉදිරියෙන්ම සිටියා. වැඩි ඉඩකඩක් සහ නවතම පහසුකම් සහිතව මෙම ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට ලැබීම අපට මහත් සතුටක්. වාණිජමය අතින් අතිශය වැදගත් ස්ථානයක පිහිටි මෙම නව ශාඛා පරිශ්‍රයේ වාහන නැවැත්වීමටත් විශාල ඉඩකඩක් වෙන්කර තිබෙනවා. විශේෂයෙන්ම අතිශයින් කාර්යබහුල අපගේ ආයතනික ගනුදෙනුකරුවන්ට මෙය ඉමහත් පහසුවක් වේවි. ඕනෑම කෙනෙකුට අපගේ සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිවන ආකාරයට මෙම ශාඛාව සැලසුම් කර තිබෙනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා, දිමුත් සිගේරා මහතා පැවසී ය.
2021 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ, රු. බිලියන 3.2 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලපරිඡේදයට සාපේක්ෂව 45% ක වර්ධනයකි. එමෙන්ම මෙම වසරේ මුල් මාස 9 තුළ, සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම 14.76% කින් වර්ධනය වී, රු. මිලියන 17,068 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් බැංකු ක්ෂේත්රයට ඇති වූ දීර්ඝකාලීන බලපෑම ක්‍රමයෙන් පහව යමින් පවතින බවට පැහැදිලි සාක්ෂියකි.
වාහන නැවැත්වීමට විශාල ඉඩපහසුකම් සහිත නව පරිශ්‍රය, පාරිභෝගිකයින්ට පහසුවෙන් ATM සේවාවන් ලබාගත හැකි අයුරින් සකස් වී ඇත. සාමාන්‍ය රාජකාරි වේලාවන් තුළ සෙලාන් බැංකුවේ නව කොල්ලුපිටිය ශාඛාව විවෘතව පවතිනු ඇත. සෙලාන් බැංකුවේ නවතම හඳුන්වා දීමක් වන Seylan RED සේවාවද මෙහි ක්‍රියාත්මක වේ. Seylan RED යනු ගනුදෙනුකරුවන්ට සුවිශේෂී අගය එකතු කළ සේවාවන් සහ ප්රතිලාභ රාශියක් පිරිනමන සේවාවකි.
011-2564080 අංකය ඔස්සේ හෝ kollupitiya.bmg@seylan.lk ඊමේල් ලිපිනය ඔස්සේ සෙලාන් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව සමග සම්බන්ධ විය හැකි වේ.
පවතින තත්ත්වය හමුවේ සෙලාන් බැංකුව සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කරන ලද මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරමින් තම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර, සෑම විටම එම මාර්ගෝපදේශ පිළිපදින මෙන් තම ගනුදෙනුකරුවන්ගෙන්ද ඉල්ලා සිටී. එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා සඳහා තම නිල වෙබ් අඩවිය වන www.seylan.lk ඔස්සේ සහ අනෙකුත් ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ පිරිනමන සේවාවන් භාවිතා කළ හැකි බවද සෙලාන් බැංකුව සිහිපත් කරයි. වැඩිදුර සහය අවශ්‍ය වන අවස්ථා වලදී 011 200 8888 අංකයෙන්, පැය 24 පුරා ක්‍රියාත්මක සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව ඇමතිය හැකි වේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
ඡායාරූපය: සෙලාන් බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා සහ එම බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර මහතා කොල්ලුපිටිය නව ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කළ අවස්ථාව.
Video Story