සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයෙහි දැන් ක්‍රියාත්මකයි

    May, 17, 2021

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ATM යන්ත්‍රය පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයෙහි ස්ථාපිත කරන ලදී. ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහල වෙත පැමිණෙන ජනතාවට සිය හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් එම ATM යන්ත්‍රය භාවිතා කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ. රෝහල අවට සිටින ගනුදෙනුකරුවන්ට ද තම හදිසි මුදල් අවශ්‍යතා ඕනෑම අවස්ථාවක ඉටුකරගැනීම වෙනුවෙන් තම ආසන්නයටම පැමිණි මෙම ATM සේවාව සැබෑ පහසුවක් වනු ඇත.

    මෙම ATM යන්ත්‍රය උත්සවාකාරයෙන් ගනුදෙනුකරුවන්ගේ අයිතියට පත්කරන අවස්ථාවට රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්‍රිගෝ, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා කලාප 2 - ඩෙල්වින් පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූ අතර, රත්නපුර රෝහල් කමිටුවේ සභාපතිතුමන්, රෝහල් කමිටු සාමාජික සාමාජිකාවන්, සෙලාන් බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකාරතුමන් හා රත්නපුර සෙලාන් බැංකුවේ කළමනාකාරතුමා ඇතුළු සෙසු අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    තම වටිනා ගනුදෙනුකරුවන් වෙත බැංකුකරණයේ පහසුව අත්විඳීමට වැඩි වශයෙන් අවස්ථා ලබා දීම පිළිබඳව සෙලාන් බැංකුව නිරන්තරවම සැලකිලිමත් වේ. දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා 172ක් සහ ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රමෝපායිකව ඉහළ නංවනු ලබන 216 ක් වන ATM ජාලයක් සමගින් සෙලාන් බැංකුව සිය පාරිභෝගික සේවාව උපරිම මට්ටමකින් ලබා දීමට කැපවීමෙන් කටයුතු කරයි.