August, 17, 2026
සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි.
Euromoney යනු ගෝලීය බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයතනික මූල්‍ය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය සඟරාවක් සහ වෙළෙඳපොළ බුද්ධි තොරතුරු සම්පාදකයෙකි. Euromoney වෙතින් ලැබුණු මෙම ඇගයීම, උසස් මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට සෙලාන් බැංකුව දක්වන කැපවීම යළි තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක.
මීට පෙර 2025 Euromoney සම්මාන උළෙලේදීද පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීමට සෙලාන් බැංකුව සමත් විය. එමඟින් ගනුදෙනුකරුවන්ගේ සහ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් සෙලාන් බැංකුව ලබාදෙන විශේෂඥ සහයෝගය හා මඟපෙන්වීම මෙන්ම, බැංකුවේ ඩිජිටල් සේවාවන්හි විශ්වාසනීයත්වය යළි තහවුරු වේ.
Euromoney වෙතින් හිමි වූ මෙම සම්මාන, සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් දක්වන නිරන්තර අවධානය සඳහා ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමක් මෙන්ම, දිවයින පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුව උදෙසා බැංකුව ලබාදෙන සහයෝගය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැක. එමෙන්ම, ඩිජිටල් නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි කාර්යක්ෂම බැංකු සේවා විසඳුම් හඳුන්වාදීම සඳහා බැංකුව වසර ගණනාවක් පුරා සිදු කළ ආයෝජනවල සාර්ථකත්වයටද මෙම සම්මාන සාක්ෂි දරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා මෙසේ පැවසීය:
“මෙම සම්මාන හිමි වීම, වඩාත් අර්ථවත් සහ පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවා සැපයීම සඳහා අප දරන උත්සාහය යළිත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීම, මානව සම්පත් සහ නවීන තාක්ෂණය උදෙසා අඛණ්ඩව ආයෝජනය කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබාදීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරනවා. එමෙන්ම, Euromoney වෙතින් මෙම සම්මාන හිමි වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වන්නේද සෙලාන් බැංකුවයි.”
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන බැංකුවක් ලෙස සෙලාන් බැංකුව සුවිශාල ජනතා ප්‍රසාදයක් දිනා සිටී. එම ව්‍යාපාරවල දියුණුව උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් සෙලාන් බැංකුව නිකුත් කළ ණය පහසුකම් එකතුවද කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.
ණය පහසුකම් ලබාගැනීමේදී ඇපකර ඉදිරිපත් කිරීම දුෂ්කර වීම, බලශක්ති පිරිවැය ඉහළ යාම සහ අපනයන ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සීමිත වීම වැනි, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සෙලාන් බැංකුව මේ වන විට පියවර රැසක් ගෙන තිබේ. ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Institution) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය යටතේ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අතරින් නිසි සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් සඳහා 67% ක් දක්වා ඇපකර සැපයීමට සෙලාන් බැංකුව කටයුතු කරන අතර, ’ලිය ශක්ති’ වැඩසටහන යටතේ කාන්තාවන් සතු සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා එම ප්‍රතිශතය 80% ක් දක්වා ඉහළ නංවා තිබේ. මේ හේතුවෙන් ණය ලබාදීමට තීරණය කිරීමේදී ව්‍යාපාරයේ හැකියාවන් සහ මුදල් ප්‍රවාහය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වී ඇත. මීට අමතරව, ව්‍යවසායිකාවන් උදෙසා සකස් කරන ලද විශේෂිත විසඳුම් හේතුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමේදී පැවති තවත් බාධක රැසක් ඉවත් කිරීමට හැකි වී ඇත.
සෙලාන් බැංකුවේ ‘Eco Solar Loan’ මඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාරවලට පුනර්ජනනීය බලශක්තිය භාවිතයට ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සපයන අතර, සූර්ය බලශක්ති නිෂ්පාදන අලෙවි කරන සමාගම් සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයන් හරහා දැරිය හැකි මිලකට සූර්ය බලශක්ති පද්ධති ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත. ‘Export Expert’ වැඩසටහන මඟින් අපනයනය සම්බන්ධ සමස්ත ක්‍රියාවලියට ප්‍රායෝගික මාර්ගෝපදේශනය සමඟ මූල්‍ය පහසුකම් ලබාදෙයි. මේ සඳහා කොළඹ ප්‍රධාන වාණිජ ප්‍රදේශයක් වන පිටකොටුවේ විශේෂිත ‘Trade Hub’ මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ.
සේවා එකතුව පුළුල් වීමට සමගාමීව ඩිජිටල් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාද සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගනී. සෙලාන් බැංකුවේ E-KYC ක්‍රමවේදය මඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ ගනුදෙනුකරුවන්ට කඩිනමින් ගිණුම් විවෘත කිරීමට සහ ණය තොරතුරු තහවුරු කිරීමට හැකි වේ.
මීට අමතරව, වෙබ් අඩවියක් හෝ Seylan Shopping Cart පහසුකම් නොමැති ව්‍යාපාරවලටද මාර්ගගත ගෙවීම් භාර ගැනීමට Merchant Portal පහසුකම මඟින් ඉඩ සැලසෙයි. මෙම සේවාව සෙලාන් බැංකුවේ Internet Payment Gateway සහ Pay Direct සේවාවන්ට අමතර ලබාදෙන පහසුකමක් වේ.
සෙලාන් බැංකුව වෙත මෙම සම්මාන දෙක හිමි වීම මඟින් පෙනී යන්නේ, ගනුදෙනුකරුවන් කොතැනක සිට කවර ආකාරයෙන් සේවාවන් ලබාගත්තද, ඔවුන්ට ස්ථාවර සේවාවක් ලබාදීම කෙරෙහි බැංකුව නිරන්තරයෙන් අවධානය යොමු කර ඇති බවයි.
ශාඛා මට්ටමින් සහ ඩිජිටල් ක්‍රමයට සේවාවන් සැපයීම සඳහා සෙලාන් බැංකුව විසින් ඒකාබද්ධ පාරිභෝගික සම්බන්ධතා පද්ධතියක් සමඟ Chatbot තාක්ෂණයෙන් බලගැන්වුණු පාරිභෝගික සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. එමෙන්ම සජීවී ප්‍රතිචාර නිරීක්ෂණ ක්‍රමවේද, භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන පාරිභෝගික ප්‍රතිචාර සේවාවන් සහ සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක වන සම්බන්ධතා මධ්‍යස්ථානය ඇතුළු සක්‍රීය ප්‍රතිචාර යාන්ත්‍රණ හරහා පාරිභෝගික අවශ්‍යතා ක්‍රමානුකූලව නිරීක්ෂණය කර ඒවාට ප්‍රතිචාර දැක්වීමට බැංකුව කටයුතු කරයි.
තම සේවාවන් ලබාගන්නා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නිසි ප්‍රචාරණයක් ලබාදීම සඳහාද සෙලාන් බැංකුව සෑම විටම පියවර ගනී. අඛණ්ඩව පස්වැනි වසරටත් ‘අද දෙරණ’ සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද ‘ඔබ පා නගන මග අප ඉන්නේ’ රූපවාහිනී වැඩසටහන් මාලාව හරහා සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් 60 කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන ලදී. මෙය මූල්‍ය සහය ලබාදීමෙන් ඔබ්බට ගොස් මෙම ව්‍යාපාරවලට ශක්තිමත් සන්නාම අනන්‍යතාවන් ගොඩනංවාගැනීම සඳහා ලබාදෙන ලද සඳහා සවිමත් අත්වැලකි.
ස්වාධීන ඇගයුම් ක්‍රියාවලියක් හරහා 2026 International Euromoney Awards for Excellence හිදී සෙලාන් බැංකුව වෙත හිමි වූ මෙම සම්මාන, තම ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් අඛණ්ඩව සහය වන බැංකුවක් ලෙස මෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටින බැංකුවක් ලෙස සෙලාන් බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ.
Video Story