සෙලින්කෝ ලයිෆ් අටවැනි වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

    January, 12, 2022

    තවත් අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත.

    ඔප්පුහිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා සිය සමස්ත ක‍්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සංවිධානයක් ලෙස සෙලින්කෝ ලයිෆ්, ‘වර්ල්ඞ් ෆයිනෑන්ස් ග්ලෝබල් ඉන්ෂුවරන්ස්’ සම්මානය පිරිනැමීම මගින් පිළිගැනීමට ලක්ව ඇත. මෙම සම්මානයට පදනම් වී ඇත්තේ මූල්‍ය කර්මාන්තය, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ගෝලීය ආර්ථිකය විශ්ලේෂණය කරන එක්සත් රාජධානිය පදනම් කරගත් වර්ල්ඞ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සඟරාව මගින් සමාගමේ මෙහෙයුම් ක‍්‍රියාකාරිත්වයේ බහුවිධ අංශ තක්සේරු කිරීම ය.

    ”සමාගම මුහුණ දෙන සෑම අභියෝගයක් තුළින්ම නව අවස්ථාවක් සොයන සංස්කෘතියක් මගින් සෙලින්කෝ ලයිෆ් මෙහෙයවනවා” යැයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා අදහස් දක්වමින් පැවසීය. ”වසංගතය නිසා අපට, අඛණ්ඩ පැවැත්ම පමණක් නොව, පාරිභෝගික සහ සේවක ආරක්ෂාව සමතුලිතව පවත්වා ගනිමින් නිෂ්පාදන හා සේවා සඳහා බාධාවකින් තොරව ප‍්‍රවේශ වීම පිළිබඳවත්, හිමිකම් කඩිනමින් පියවීම, නව නිෂ්පාදන සංවර්ධනය, රක්ෂණ ඔප්පු හිමියන්ගේ ප‍්‍රතිලාභ සහ ප‍්‍රජා සබඳතා වර්ධනය සඳහා විශේෂයෙන් සැලකිලිමත් වීමට සිදු වුණා. 2020 සහ 2021 වසරවලදී අපි මෙම සියලූ අංශ තුළ සුවිශේෂී අනුකූලතාවයක් ලබා ගැනීම අපගේ සියලූ පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ඇති කරවන්නට සමත් වුණා.”

    ”වර්ල්ඞ් ෆයිනෑන්ස්” සම්මානය සඳහා වන තක්සේරු නිර්ණායක ලෙස, ප‍්‍රතිරක්ෂණ ක‍්‍රියාවලි සහ ක‍්‍රියාවලි කාර්යක්ෂමතාව, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම - ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනය කිරීමේ ක‍්‍රියාවලිය, ආවරණයේ යෝග්‍යතාවය සහ රක්ෂණ ඔප්පුවක් සඳහා පිරිවැය; අවධානමට නිරාවරණය වීම; පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය; වන්දි ගෙවීමට ගතවන සාමාන්‍ය කාලය; නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාව - වාරික ආදායම, වෙළෙඳපොල කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය සැලකිල්ලට ගෙන තිබේ.

    විනිශ්චය මණ්ඩලය වසර 230කට අධික කාලයක මූල්‍ය හා ව්‍යාපාරික ජනමාධ්‍යකරණයේ විශේෂඥතාව සහිත වන අතර, සම්මානලාභීන් තමන් නියෝජනය කරන අංශයේ වඩාත්ම සුදුස්සන් බව තහවුරු කිරීම සඳහා පැය විසිහතර පුරාම ක‍්‍රියා කරන පර්යේෂණ කණ්ඩායමක සහාය ඔවුන්ට ලැබිණි. ඊට අමතරව, නාමයෝජනා සැපයීම සඳහා පාඨක අවබෝධය සහ අත්දැකීම් උපයෝගී කර ගනී. විවිධ භූගෝලීය ප‍්‍රදේශ සහ ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, සමාගම සතු අත්දැකීම්වල තරම සහ එහි ප‍්‍රමාණය වැනි නිර්ණායක සම්බන්ධයෙන් පක්ෂග‍්‍රාහී වීමෙන් වැළැකීමට සඟරාවට සිදු වේ.

    සෙලින්කෝ ලයිෆ් පසුගිය වසර අට තුළ මෙම සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම වන අතර, එය මූල්‍යමය සෞභාග්‍යය පමණක් නොව, කාර්යක්ෂමතාවය, සමස්ත ක‍්‍රියාවලි කළමනාකරණය සහ පාරිභෝගික සම්බන්ධතා යන අංශවල නව්‍යකරණය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

    2007 දී ආරම්භ කරන ලද, වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාවේ සම්මාන වැඩසටහන් එක් එක් වෙළෙඳපොල තුළ ඇති හොඳම අංශ පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් සැපයීම සඳහා නිර්මාණය වී තිබේ.

    2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.