සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 09 වැඩසටහනේ මුල් අදියරේ ජයග්‍රාහකයින් තෝරයි

    December, 2, 2015

    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් දියත් කර තිඛෙන zෆැමිලි සවාරි 09Z වැඩසටහන තවමත් නිමාවට පත් නොවුණත් මේ යටතේ සමාගම විසින් ලබන වසරේ ලබාදෙන සියළු වියදම් දරමින් සිංගප්පූරුවේ නිවාඩුවක් ගත කිරීමට යාමේ අවස්ථාව සහ ලේෂර් වර්ල්ඩ්හිදී දිනක් ප්‍රීතිවීමේ අවස්ථාව සඳහා රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 265 දෙනෙකු දැනටමත් තෝරා ගෙන තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පැවැත්වූ මුල් දිනුම් ඇදීමේදී 2016 වසර සඳහා සිංගප්පූරුවේ සංචාරය කිරීමට රක්ෂණ ඔප්පුහිමි පවුල් 50 ක් අතුරින් සුදුසුකම් ලැබූ 15 දෙනෙකු තෝරාගත් අතර අවිස්සාවේල්ලේ පිහිටි ලේෂර් වර්ල්ඩ්හිදී දිනක් ප්‍රීතිවීමේ අවස්ථාව සඳහා රක්ෂණ ඔප්පුහිමි පවුල් 500 ක් අතුරින් 250ක් තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 09 වැසටහනේ සුපිරි ත්‍යාගය වන්නේ සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන් 05 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සමාගම සියළු වියදම් දරමින් ලබාදෙන ජර්මනියේ සවාරියයි. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සියළුම වියදම් සහිතව ඩුබාහි නිවාඩුවක් ගත කිරීමට යාමේ අවස්ථාව ලබාදෙන්නේ දෙවන ත්‍යාගය ලෙසිනි. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2015 දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

    මෙහි අනිකුත් ජයග්‍රාහකයින් ලෙස පවුල් 300 ක් තෝරා ගැනීමට නියමිතව ඇත්තේ 2015 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහා දිනුම් ඇදීමේදීයි. ෆැමිලි සවාරි 09 වැඩසටහනේදී සමස්ත ජයග්‍රාහකයින් 2,260 දෙනෙකු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    සිය පවුලේ සාමාජිකයින් සමග මෙවර සිංගප්පූරුවට සංචාරය කිරීමේ වරම් දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන් 15 දෙනා රක්ෂණ ඔප්පු මිලදීගෙන තිඛෙන්නේ වැල්ලවත්ත, කටුගස්තොට, දිවුලපිටිය, මඩකළපුව, කළුතර, නුගේගොඩ, අච්චුවේලි, වත්තල, නෙල්ලිඅඩි, රත්නපුර, කොළඹ උතුර, දෙමටගොඩ සහ කලවන්චිකුඩි හි සෙලින්කෝ ලයිෆ් ශාඛා වලිනි.

    ෆැමිලි සවාරි 09 වැඩසටහනේ ප්‍රවර්ධන කාල සීමාව 2015 සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් කාලය දක්වා පැවැත්වෙන අතර සියලූම ක්‍රියාකාරී දිගුකාලීන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම සෙලින්කෝ ලයිෆ් විශ්‍රාම සැලසුම් (CRA) ගිණුම් හිමියන්ට දිනුම් ලබාගැනීමේ අවස්ථා රැසක් හිමිවන අතර එය රක්ෂණ ඔප්පුවේ කාල සීමාව අනුව වැඩිවේ.

    මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් ඉතාමත් ආකර්ශනීය අළුත් ගමනාන්තයක් සිය රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් සෑම වසරකම අළුතින් එක් කිරීම කැපී පෙනෙන සිදුවීමකි. මේ අනුව, 2015 වසරේ පැවති ෆැමිලි සවාරි 08 වන වැඩසටහනේ අළුත් ගමනාන්තය ස්විට්සර්ලන්තය වූ අතර 2014 වසරේදී අළුත් ගමනාන්තය ජපානය විය.

    දැවැන්ත ජනප්‍රසාදයක් දිනාගත් සුවිශාල ප්‍රවර්ධන වැඩසටහනක් වන ෆැමිලි සවාරි වැඩසටහනෙහි ආකර්ශනීය භාවය තව තවත් වැඩි කරමින් ජනප්‍රිය නළුවන් ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, රොෂාන් රණවන මහතා සහ ඔහුගේ බිරිඳ වන කුෂ්ලානී මහත්මිය ෆැමිලි සවාරි වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් එම සවාරි වලට සහභාගී වෙති.

    2004 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    සෙලින්කෝ ලයිෆ් කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා (වමේ) ෆැමිලි සවාරි 09 වැසටහනේ මුල් දිනුම් ඇදීම සිදුකරමින්