සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ ප‍්‍රදානය කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියටම

    May, 31, 2021

    තව තවත් රන් තිළිණ ප‍්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග‍්‍රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත.

    මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප‍්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග‍්‍රාහකයකු රුපියල් මිලියනයක් වටිනා රන් ජැක්පොට් තිලිණය හිමි කරගත් අතර ත‍්‍රිකුණාමලය, ඇල්පිටිය ප‍්‍රදේශවල ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්තයින් දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් වටිනා රන් තිලිණ ද, කඩවත, මොණරාගල, අම්බලන්ගොඩ සහ කුරුණෑගල ප‍්‍රදේශවල ජීවිත රක්ෂණ ඔප්පු හිමි කීපදෙනෙක් රුපියල් 100,000 බැගින් වටිනා රන් තිළිණ හිමි කරගැනීමට සමත් වූහ. මීට අමතරව, රුපියල් 50,000 බැගින් සහ රුපියල් 25,000 බැගින් වටිනාකම් වලින් යුත් රන් තිලිණ හිමි කරගත් ඔප්පු හිමියන් අතර නෙල්ලිඅඩි, තිස්සමහාරාම, බණ්ඩාරවෙල සහ කිරිඳිවැල ප‍්‍රදේශවල වාසනාවන්ත ජීවිත රක්ෂණ ඔප්පු හිමියෝ කීප දෙනෙක්ද වූහ.

    මෙම වසරේ තවත් දිනුම් ඇදීම් දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර වැඩසටහන අවසානයේ සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් 618 දෙනෙකු රුපියල් මිලියන 30ක් වටිනා රන් තිළිණ ජයග‍්‍රහණය කරමින් කූඨප‍්‍රාප්තියට පැමිණෙනු ඇත. මීට පෙර ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් පිරිනමන ලද විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රන් තිළිණ පිරිනැමීමට පියවර ගන්නා ලද්දේ කොවිඞ්-19 වසංගත රෝගී තත්වය හේතුවෙන් පැන නැගූණු සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සැලකිල්ලට ගනිමිනි.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් සහ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහත්වරුන් (ඉහළ වම් සහ දකුණු අන්ත වල) විසින් වාසනාවන්ත ජයග‍්‍රාහකයන් කීපදෙනෙකු තෝරාගත් ආකාරයයි. පහළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප‍්‍රතිඵල සනාථ කරන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ය.