December, 2, 2021
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ පළමු දිනුම් ඇදීම යටතේ ජයග්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා තෝරාගත් අතර එළඹෙන උත්සව සමයේදී මෙම රක්ෂණ ඔප්පුහිමියන්ට සතුටුවීමට තවත් හේතුවක් මේ තුළින් උදාකර දී තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයක් වටිනා රත්තරන් පළමු ත්‍යාගය ලෙස දිනාගත් අතර අච්චුවේලි ප්‍රදේශයේ ඔප්පුහිමියෙකු සහ ජා-ඇල ප්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් 250,000 ක් බැගින් වටිනා රත්තරන් දිනාගන්නා ලදී. මීට අමතරව, ඔප්පුහිමියන් 03 දෙනෙකු රුපියල් 100,000 ක් බැගින් රත්තරන් දිනාගත් අතර තවත් රක්ෂණ ඔප්පුහිමියන් 20 දෙනෙකු රුපියල් 50,000 ක් බැගින් රත්තරන් සහ තවත් රක්ෂණ ඔප්පුහිමියන් 50 දෙනෙකු රුපියල් 25,000 ක් බැගින් රත්තරන් මෙහිදී දිනාගන්නා ලදී. එසේම, තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් 100 දෙනෙකු එකක් රුපියල් 10,000 ක් වටිනා ත්‍යාග වවුචර් 100 ක්ද දිනා ගත්තේය.
මෙම වැඩසටහන මගින් මෙවර රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් මිලියන 30ක් වටිනා රත්තරන් සහ ත්‍යාග වවුචර ප්රදානය කරන බව සමාගම පවසයි. 2022 අගෝස්තු කාලය දක්වා මෙම ත්‍යාග මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් 06 ක් මගින් මෙම ත්‍යාග දිනාගත හැක. 2020 වසරේ පැවැත්වූ ‘ෆැමිලි සවාරි’ 14 වන වැඩසටහනේ සිට මෙතෙක් ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර වෙනුවට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන සංචාරක සීමාවන් සහ සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශ හේතුවෙන් මේ ආකාරයෙන් රත්තරන් ලබාදීමට සමාගම තීරණය කළේය.
රත්තරන් දිනාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන් තම ජීවිත රක්ෂණ සැලසුම ප්‍රවර්ධන කාල සීමාව තුළදී සක්‍රීයව පවත්වාගෙන යාම හෝ විශ්‍රාමික සැලසුමෙහි අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යා යුතුය.
සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (ඉහළ වමේ) සහ කළමනාකාර අධ්යක්ෂ, තුෂාර රණසිංහ මහතා (ඉහළ දකුණේ) විසින් මෙම දිනුම් ඇදීම ඉලෙක්ට්‍රොනිකව සිදුකරන ආකාරයයි. පහළ දැක්වෙන්නේ මෙම අවස්ථාවට සමාගමේ අධ්යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහභාගී වී සිටි ආකාරයයි.
Video Story