සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ සමගින් ඔප්පු හිමියන්ට නැවත වරක් ලෝකය විවෘත කරයි

    September, 20, 2023

    දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත.

    මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි 17’ මගින් මෙසේ 2024දී, රක්ෂණ ඔප්පුහිමි පවුල් 15ක් සඳහා විදේශ සංචාරයන් ලබාදෙනු ඇත. ප්‍රවර්ධනයේ ආරම්භක තේමාව වෙත ආපසු යමින් පවුල් 5ක් සඳහා තුර්කියේද, පවුල් 10ක් සඳහා මැලේසියාවේද සංචාරයන් හිමිවනු ඇතිය.

    පුද්ගලයින් 1000කින් සමන්විත තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් 250කට, ෆැමිලි සවාරි වැඩසටහනේ දේශීය අංගය සඳහා නව සංචාරක ස්ථානයක් වන, බණ්ඩාරගම ‘පර්ල් බේ’ ජල උද්‍යානයේ විනෝදයෙන් පිරුණු දවසක් ගතකිරීමට අවස්ථාව ලැබෙයි.

    ‘ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන අපගේ රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන් සඳහා ජීවිත කාලයක මතකයන් ලබාදෙමින් පවුල් කාලයේ වැදගත්කම අවධාරණය කිරීමට නිර්මාණය කර තිබෙනවා,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ්හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘අවාසනාවකට කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ ගමන් නුසුදුසු වූ අතර, නැවත අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ගමනාන්ත කිහිපයකට නිවාඩු පිරිනැමීමට හැකිවීම ගැන අපි දැන් සතුටු වෙනවා,’ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

    2020 වසරේ කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමත් සමගම සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි විසින් ජයග්‍රාහකයින්ට විදේශ නිවාඩු සහ දේශීය විනෝද චාරිකා වෙනුවට රත්තරන් පිරිනැමීමටත්, ඊට අනතුරුව ත්‍යාගයේ සම්පූර්ණ වටිනාකමට මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු කළේය. එහෙත් පසුව සෞඛ්‍ය ගැටළු ලිහිල්වීමට පටන්ගත් බැවින් දේශීය හෝටල්වල නිවාඩු සංචාරයන් ප්‍රදානය කරන ලදී.

    මෙම වසරේ ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේදී, සෙලින්කෝ ලයිෆ් වෙත ඔවුන් දක්වන පක්ෂපාතීත්වය වෙනුවෙන් 1,060 දෙනෙකුගෙන් යුත් රක්ෂණ ඔප්පුහිමියන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍යාග පිරිනැමීම සඳහා, 2023 නොවැම්බර් සහ 2024 ජනවාරි මාසවල පැවැත්වෙන දිනුම් ඇදීම් දෙකකදී ඔප්පු හිමියන් 265 දෙනෙකු තෝරාගනු ලැබේ. මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන මේ වන විට 35,000කට වැඩි පිරිසකට මේ ආකාරයෙන් ත්‍යාග ලබා දීම සිදුකර ඇත.

    2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

     

    සේයාරු සටහන : සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ ප්‍රවර්ධනයේ අතථ්‍ය දියත් කිරීමේ තිර දර්ශන සේයාරුවෙන් දැක්වෙයි.