සේවා වියුක්තිය ඉහළට

    January, 16, 2023

    2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2022 දෙවන කාර්තුවේ දී මෙම අගය 4.6% ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර 2022 දෙවන කාර්තුවේ දී 50.1% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතික 2022 තෙවන කාර්තුව වන විට 49% ක් දක්වා පහළ බැස තිබේ.