සොෆ්ට්ලොජික් ලයිෆ් Asia Insurance Industry සම්මාන උළෙලේ ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරඟකරුවන් අතරට නම් වෙයි

    September, 11, 2023

    ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණයන්හි ඉදිරියෙන්ම සිටීමට සමාගමේ ඇති දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය මනාව පිළිබිඹු වෙයි. මෙම පිළිගැනීම සොෆ්ට්ලොජික් ලයිෆ් හි ජයග‍්‍රහණ මැනවින් ප‍්‍රදර්ශනය කරනවා පමණක් නොව ආසියානු කලාපය පුරා රක්ෂණ ක්ෂේත‍්‍රයේ අනාගතය හැඩගැස්වීමේදී තාක්ෂණය සහ නවෝත්පාදන වඩාත් වැදගත් වන ආකාරය ද අවධාරණය කරයි.

    මෙම වසරේ සම්මාන සඳහා අවසන් තරඟකරුවන් ලෙස කලාපයේ ඉහළ පෙළේ රක්ෂණකරුවන් (insurers), ප‍්‍රතිරක්ෂණකරුවන් (reinsurers), තැරැව්කරුවන් (brokers), අවදානම් කළමණාකරුවන් (risk managers) සහ සේවා සපයන්නන් (service providers) 50 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත් කර ඇත. Asia Insurance Industry සම්මාන උළෙල ඔවුන්ගේ දැඩි ප‍්‍රමිතීන් සහ විනිවිදභාවයෙන් යුතු තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රසිද්ධයක් උසුලන අතර, රක්ෂණ ක්ෂේත‍්‍රයේ විවිධ කෂේත‍්‍ර නියෝජනය කරනු ලබන විශේෂඥ විනිසුරු මඩුල්ලක් විසින් අධීක්ෂණය කරනු ලැබේ. මූලික වටයේ දී කාණ්ඩ 17 ක් යටතේ අයදුම්පත් 200 කට අධික සංඛ්‍යාවක් අතරින් සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී තරගකරුවෙකු ලෙස නාමයෝජනා වූ අතර සමාග InsurTech ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ප‍්‍රගතියක් සහ ජයග‍්‍රහණ පෙන්නුම් කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ‘‘පසුගිය වසර කිහිපය පුරාවට සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ජීවිත ක්ෂේත‍්‍රයේ සිදු කර ඇති සැලකිය යුතු වෙනස්කම් හා සංවර්ධනයන් සඳහා නවෝත්පාදනය වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ ලබා දීම සඳහා තාක්ෂණය භාවිත කරමින් රක්ෂණ ක්ෂේත‍්‍රයේ සීමා මායිම් ඉක්මවා අපි නිරතුරුවම ඉදිරියට ගොස් සිටිනවා. ‘InsurTech of the Year’ සම්මානය සඳහා අප අවසන් තරගකරුවෙකු ලෙස නාමයෝජනා වීම අපගේ කණ්ඩායමේ අප‍්‍රතිහත ධෛර්යය සහ අපගේ නව්‍ය විසඳුම්වල ප‍්‍රබල බලපෑම පිළිබඳ කදිම සාක්ෂියක්. නවෝත්පාදනය වැළඳ ගැනීම හුදෙක් තේරීමක් පමණක් නොව එය අද වේගයෙන් වෙනස් වන ලෝකයේ අවශ්‍යතාවයක් බව අපි තරයේ විශ්වාස කරනවා. සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගැනීමට මෙන්ම අපගේ රක්ෂණ ඔප්පුහිමියන් සවිබල ගැන්වීමට හා ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයන් සනිටුහන් කිරීමට ද කැපවී සිටිනවා.’’ යනුවෙනි.

    ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවන් අතරට නාම යෝජනා වීම සිය රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දේශීය මෙන්ම ගෝලීය මට්ටමින් ද පළමු වරට නවෝත්පාදන රැසක් හඳුන්වා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් හි අඛණ්ඩ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. ස්වයංක‍්‍රීය එක්දින හිමිකම් පියවීම (one-day automated claims settlement), Instaclaim යෙදවුම (app), මිනිත්තුවක් තුළ රෝහල්ගත වීමේ හිමිකම් පියවීම (1-minute hospitalisation claim settlement), 100% ඩිජිටල්කරණය කළ විකුණුම් ප‍්‍රවේශය (100% digitalised sales platform), ස්වයංක‍්‍රීයව රක්ෂණ ඔප්පු නිකුත් කිරීම (automatic policy issuance) සහ දුරකථන සබඳතා මත පදනම් වූ ක්ෂුද්‍ර රක්ෂණ විසඳුම් (mobile micro insurance) ආදී සුවිශේෂී කලින් නොදුටු නව්‍යකරණ රක්ෂණ විසඳුම්, ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්ට උසස් සේවාවක් ලබා දීමට හැකිවීම නිසා වෙළෙඳපොල තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකිවිය. තවද මෙවැනි නවෝත්පාදනයක් මගින් මිලියන 1.5 කට අධික සේවාදායකයින් සංඛ්‍යාවක් පසුපස අත්‍යවශ්‍ය මොහොතක ශක්තිමත්ව රැඳී සිටිමින් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ද සොෆ්ට්ලොජික් සමාගමට හැකියාව ලැබුණි.

    එහි 27 වන වසර තුළ, Asia Insurance Industry සම්මාන උළෙල විශිෂ්ටත්වයේ සහ සෙසු රක්ෂණ වෘත්තිකයින්ගේ ඉහළ ගෞරවාදරයට පත්ව ඇති සංකේතයක් බවට පත්ව ඇත. මෙම සම්මාන උළෙල පසුගිය වසර 30 තුළ ආසියානු රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රයක් වන Asia Insurance Review විසින් 1997 සිට වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.