January, 26, 2024
වසර 70කට වැඩි කාලයකට පසු සෞදි අරාබිය තුළ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙය මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රික විදේශිකයින් හට පමණක් සීමාවන මත්පැන් අලෙවිසැලක් වන අතර එය රියාද් නගරයේ දී විවෘත කිරීමට නියමිතය.
එරට සේවය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වසර ගණනාවක් පුරාවට සිය රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිතාකරමින් මුද්‍රා තැබූ නිල පැකේජ ලෙස මත්පැන් එරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එසේ නීති විරෝධී අයුරින් රට තුළට සිදුකෙරන මත්පැන් ආනයනය නැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් සෞදා බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 1952 වසරේ දී එරට අබ්දුල්අසීස් රජුගේ පුත්‍රයෙකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එරට මත්පැන් තහනම එතැන් සිට නීතියක් ලෙසින් ක්‍රියාත්මක බවයි.
Video Story