හඳුන්වාදෙන Microsoft Copilot, ඔබේ එදිනෙදා AI සහකරු

    October, 11, 2023

    • Microsoft Copilot මින් ඉදිරියට Windows 11, Microsoft 365, Edge browser සහ Bing search සඳහා ඔබේ නව AI සහකරු වනු ඇත
    • යාවත්කාලීන වූ නව Windows 11 මගින් 150කට අධික නව විශේෂාංග ඇතුළුව, ඔබේ පරිගණකය Microsoft Copilot සමග සවිබල ගැන්වෙයි
    • AI වලින් බල ගැන් වූ නව මිල දී ගැනීම් අත්දැකීමක් සමග යාවත්කාලීන වූ Bing Chat Enterprise
    • Enterprise පාරිභෝගිකයින් හට නොවැම්බර් 01 දින සිට තම කටයුතු පරිවර්තනීය වෙනසකට ලක් කරන AI සහයෝගී Microsoft 365 Chat සමගින් Microsoft 365 Copilot සේවාව ලබාගත හැකිය

    ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවති උත්සවයකදී Microsoft විසින් Microsoft Copilot හඳුන්වා දෙන ලදි. මෙය, මිනිසුන් තාක්ෂණය සමග ගනුදෙනු කරන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් ඵලදායීතාව වැඩිදියුණු කරන පෙරළිකාර AI සහයෝගී ක්‍රමවේදයකි. Windows 11, Microsoft 365, Edge සහ Bing සඳහා ඉදිරියේදී මෙය හඳුන්වා දෙන අතර, ඒ තුළින් සියලුම වර්ගවල යෙදුම් හා උපාංග පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි.

    ඵලදායීතාව වැඩි කිරීමට, නිර්මාණාත්මක බව දියුණු කිරීමට මෙන්ම පෞද්ගලික හා ව්යාපාර වල එදිනෙදා කටයුතු පහසු කිරීමට උපකාරී වන නව අත්දැකීම් කිහිපයක් ම Microsoft විසින් මෙම උත්සවයේ දී හඳුන්වා දෙන ලදී.

    “අප මේ පිවිසෙන්නේ AI හි නව යුගයකටයි. එය අප තාක්ෂණය හා සම්බන්ධ වන සහ එයින් ප්‍රතිලාභ ලබන ආකාරය සහමුලින්ම වෙනස් කරනවා. Chat interfaces සහ large-language models එක්වීමත් සමඟ, ඔබට දැන් ස්වාභාවික භාෂා භාවිත කරමින් ඔබට අවශ්‍ය දේ ඉල්ලා සිටිය හැකි අතර, එම විමසීමට පිළිතුරු දීමට, අවශ්‍ය දේ නිර්මාණය කිරීමට හෝ ඒ අනුව කටයුතු කිරීමට හැකි මට්ටමට තාක්‍ෂණය බුද්ධිමත්. Microsoft හි අප සිතන්නේ මෙය ඕනෑම කාර්යයකට සහය වීම සඳහා සහය නියමුවෙකු (Copilot කෙනෙකු) සිටීමට සමාන දෙයක් බවයි.” - Yusuf Mehdi, Corporate Vice President and Consumer Chief Marketing Officer, Microsoft

    ප්‍රධාන නිවේදන

    • Microsoft Copilot - Microsoft AI හැකියාවන් සියල්ල දැන් ඔබේ එදිනෙදා AI සහකරු ලෙස ‘Microsoft Copilot’ නම් තනි අත්දැකීමකට ගොනුකර තිබේ. Microsoft Copilot ඔබට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීම සඳහා අන්තර්ජාලයේ ඇති තොරතුරු සහ බුද්ධි තොරතුරු, ඔබගේ රාජකාරීමය දත්ත සහ අදාළ මොහොතේ ඔබගේ පරිගණකයේ ඔබ සිදුකරමින් සිටින දෙය ඒකාබද්ධ කරනු ඇති අතර, මෙය සෑම විටම ඔබගේ පෞද්ගලිකත්වයට හා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් සිදුකෙරෙනු ඇත. මෙම පහසු හා සරල අත්දැකීම Windows 11 හා Microsoft 365 හි නොමිලේ ලබා දෙන අතර, Edge සහ Bing web browser හරහා ද මෙය භාවිත කළ හැකි වේ. මෙය App එකක් ලෙසද ලබාගත හැකි අතර, පරිගණකයේ right click කිරීම මගින්ද මෙහි සේවාවන් භාවිතා කළ හැක. ඔබේ මුළු ජීවිතයටම බලපාන AI අත්දැකීමක් වන මෙය එහි මූලික ස්වරූපයෙන් Windows 11 නව හඳුන්වාදීම් ඔස්සේ ලබාගත හැකි වේ.
    • Windows 11 යාවත්කාලීන කිරීම - අවම මැදිහත්වීමකින් වඩාත් ඉක්මන්ව හා පහසුවෙන් කටයුතු සම්පූර්ණ කිරීමට සහය දෙන නව විශේෂාංග 150කට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත් කර ඇත. Copilot එක්කිරීම, Windows සඳහා නව Outlook, Paint සහ Photos හි හැකියාවන් AI භාවිතයෙන් වැඩිදියුණු කිරීම, නවීකරණය කළ Clipchamp, Notepad, File Explorer, සහ භාවිතය හා ඵලදායීතාව වැඩිදියුණු කිරීමට Narrator තුළට නවතම ස්වභාවික හඬ මුසුකර තිබීම ද මීට ඇතුළත් වේ. මෙම යාවත්කාලීන කිරීම් මගින් ඔබට AI අත්දැකීම්වල විශිෂ්ටතම මානයක් අත්විඳීමට හැකි ස්ථානයක් බවට  Microsoft පත්වනු ඇත. Windows 11, version 22H2 සමග මෙම විශේෂාංග ඔබ වෙත හිමි වේ.
    • Bing සහ Edge හි නව විශේෂාංග - Chat history මත පදනම් වූ සහ විමසන්නාට වඩාත් හොඳින් අදාළ වන පිළිතුරු ලබාදීම, Bing Image Creator හි OpenAI වෙතින් වැඩි දියුණු කළ E 3 ආකෘතිය සහ, රූප මුලින්ම නිර්මාණය කළ වේලාව සහ දිනය ඇතුළුව, Bing හි AI මගින් නිර්මාණය කරන ලද සියලුම රූපවලට අදෘශ්‍යමාන ඩිජිටල් දිය සලකුණක් එක් කිරීමට Cryptographic ක්‍රම භාවිතා කිරීම ආදිය මීට ඇතුළත් වේ. Microsoft Edge තුළින් හෝ bing.com/chat වෙත පිවිසීමෙන් භාවිතා කිරීමට හැකි අතර, නව විශේෂාංග නොබෝ දිනකින් භාවිත කිරීමට හැකිවනු ඇත.
    • Microsoft Shopping තුළ Copilot – AI පිටුබලය සමගින් ඔබේ ඉල්ලීම අනුව, ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන නිර්දේශ සහ හොඳම මිලගණන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව දැන් Bing සහ Edge සතු ය. ළඟදීම ඔබට ඔබගේ සෙවුමේ ආරම්භය ලෙස ඡායාරූපයක් හෝ Save කර තබාගත් රූපයක් භාවිතා කිරීමට හැකි වනු ඇත.
    • Bing Chat Enterprise යාවත්කාලීන කිරීම් - මේ වනවිටත් Microsoft 365 භාවිතා කරන්නන් මිලියන 160 කට අධික පිරිසකට, අමතර ගාස්තුවකින් තොරව Bing Chat Enterprise භාවිතා කළ හැකි වේ. දැන් මෙය ජංගම දුරකථන යෙදවුමක් ලෙස Microsoft Edge වෙතින්ද ලබාගත හැකි වනු ඇත. ඔබේ කටයුතුවල නිර්මාණශීලීත්වය වැඩි කිරීම සඳහා Multimodal Visual Search සහ Image Creator ද මෙයට එක්කිරීමට නියමිත ය.
    • ආයතනික පාරිභෝගිකයන් සඳහා Microsoft 365 Copilot- 2023 නොවැම්බර් 01 දින සිට ආයතනික පාරිභෝගිකයන්ට Microsoft 365 Copilot ලබාගත හැකි වනු ඇත. ඒ සමග ඔබගේ කටයුතුවල පූර්ණ පරිවර්තනයක් සිදුකිරීමේ හැකියාව සහිත නව AI සහායක සේවාවක් වන Microsoft 365 Chat ද ලබාගත හැකි වේ.
    • භාවිත කරන්නන් සඳහා Microsoft 365 Copilot- මින් ඉදිරියට Microsoft 365 Copilot, Designer සමග ඒකාබද්ධ කෙරේ. මෙය Word සමගින් ආරම්භ වනු ඇත. Designer විසඳුම විශාල අන්තර්ගතයන් සහිත ලිපිලේඛන සඳහා නවීනතම AI තාක්ෂණික හැකියාවන් භාවිතයෙන් අවශ්‍යතාවයට අනුව තෝරා ගත හැකි ග්රැෆික්, අලංකාර දර්ශන, සමාජ මාධ්‍ය පළකිරීම්, ආරාධනා සහ තවත් බොහෝ දේ නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙයි.

    Microsoft යනු බලවත් හා ප්‍රයෝජනවත් AI අත්දැකීම්, සරලව, ආරක්ෂිතව සහ වගකීම්සහගත ලෙස, ඔබ වැඩිපුරම භාවිත කරන නිෂ්පාදන වෙත ඒකාබද්ධ කෙරෙන ස්ථානයකි. රාජකාරි සහ අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම ගෙදරදොරදී Windows 11 භාවිත කරන පුද්ගලයන් විශිෂ්ටතම AI අත්දැකීම් තුළින් සවිබල ගැන්වීමේ සිට, ලොව වඩාත්ම විශ්වාසය දිනූ ඵලදායීතා කට්ටලය වන Microsoft 365 හරහා, දැනට පවතින වඩාත්ම නවෝත්පාදනීය සෙවුම් යන්ත්‍රය සහ බ්‍රවුසරය වන Bing සහ Edge දක්වාම මෙය අදාළ වේ.

    මෙම නව නිෂ්පාදන පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා Microsoft.com වෙත පිවිසෙන්න. නවතම නිවේදන පිළිබඳව දැනුවත් වීම සඳහා  Official Microsoft blog, Microsoft 365 blog and Security blog වෙත පිවිසිය හැකි අතර, තවත් බ්ලොග් ලිපි, වීඩියෝ සහ වෙනත් මූලාශ්‍ර microsite හි දක්වා තිබේ.