අපනයන වෙළෙඳපොළ සඳහාම පමණක් දිනකට බැරල් 420,000ක ධාරිතාවයෙන් යුත් ඛනිජතෙල් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනරි (ප්‍රයිවට්) ලිමිටඩ් අතර ගිවිසුමකට එළඹීම පිණිස 2019.09.17 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවුරුදු 50ක දිගුකාලීන බදු පදනම මත අක්කර 1,200ක ඉඩම් ප්‍රමාණයක් ද වෙන් කරනු ලැබ තිබේ.
එහෙත්, ව්‍යාපෘති යෝජක විසින් අදාළ ඉඩම් ප්‍රමාණය බදු පදනම මත ලබා ගෙන නොමැති අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ද මෙතෙක් සිදු කර නොමැත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජක වෙත අවස්ථා කිහිපයකදී ලිඛිතව දන්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
දෙපාර්ශ්වය අතර එළඹ ඇති ගිවිසුමේ විධිවිධාන පරිදි ව්‍යාපෘති යෝජක විසින් කටයුතු නොකිරීම හේතුවෙන් එකී ගිවිසුම අවලංගු කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.