හමීඩියා ආයතනය වැල්ලවත්ත වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරයි

    September, 19, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය,  සිය “Re-Build Sri Lanka” සමාජ සත්කාරක ව්‍යපෘති මාලාවේ එක් අදියරක් ලෙස පරිසර හිතකාමී වටපිටාවකින් පිරි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් “Wella Beach Upgrade” නමින් වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් වැල්ලවත්ත වෙරළ තීරයේ දී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන හමීඩියා ආයතනයේ සමාජ සත්කාරක අංශය වන Lifeworth විසින් Sri Lanka Life Saving  සහ  Rainbow Swimming  සංවිධානයේ ඒකාබද්ධ සහයෝගීතාවය සමඟ ඉතාම සාර්ථකව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

    වැල්ලවත්ත වෙරළ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ සිත්ගත් වෙරළ තීරයකි. දේශීය සහ විදේශීය සංචාරකයන් බොහෝ පිරිසක් මෙම ස්ථානයට නිරන්තරයෙන් පැමිණෙයි. මෙම වෙරළ තීරය නිසා අවට ආපනශාලා, ඇඳුම් මාරුකිරීමේ ස්ථාන, නාන කාමර, වැසිකිළි පහසුකම් පවත්වාගෙන යන බොහෝ පිරිසක් තමන්ගේ ජීවිකාව සාර්ථක කරගන්නා අතර සුරක්ෂිතව පිහිනීමට සහ ක්‍රිඩා කිරීමට මෙම වෙරළ ඉතාම සුදුසු ස්ථානයකි.

    පරිසරය සුරක්ෂිත කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස හමීඩියා ආයතනය මෙම පරිසර හිතකාමී වැඩසටහන් තුළින් ආයතනයේ සේවකයන්ට පරිසරය සුරක්ෂිත කිරීමේ අගය වටහා ගැනීමට අවස්ථාව උදාකරන අතරම වෙරළ දූෂණය අවම කරමින් සුරක්ෂිත වෙරළ තීරයක් ගොඩනැංවීමේ ක්‍රියාවලියට ද මූලිකත්වය ලබාදෙයි. වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අමතරව සුරක්ෂිත වෙරළ තීරයක් ගොඩනැංවීමේ තවත් එක් අංගයක් ලෙසින් හමීඩියා ආයතනය විසින් වැල්ලවත්ත වෙරළෙහි ජීවිත ආරක්ෂක ඒකකයක් ද ස්ථාපනය කර තිබේ. පරිසරය ගැන වගකීමක් තිබෙන පුරවැසියෙක් ලෙස ජීවත්වන්නේ කෙසේදැයි පිළිබඳ දැනුවත් කිරීමෙන් සහ එය සිය ආයතනික පැවැත්මේ ඒකාබද්ධිත කොටසක් ලෙස පවත්වාගෙන යමින් හමීඩියා ආයතනය පරිසරයට ධනාත්මක බලපෑමක් ඉටුකරන සේවකයෙක් නිර්මාණය කිරීමට පෙරමුණ ගනියි. එය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට පමණක් නොව තමන්ගේ එදිනෙදා ජීවිතයට, පවුලටම මෙන්ම රටට ද යහපත් අගයක් එකතු කරයි.

    හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා මෙසේ සිය අදහස් දැක්වීය,“අපිරිසිදු ස්ථාන පිරිසුදු කරමින්, අපතේ යාම අවම කරමින්, බලශක්තිය නාස්ති නොකරමින් අපේ පරිසරයට වඩාත් ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ වටිනාකම පිළිබඳව ආයතනයක් ලෙස හමීඩියා අපි අවබෝධ කරගෙන තියනවා. ඒවගේම වර්තමානයේ ලෝකය මුහුණ දෙන අභියෝග පිළිබඳව අපි ඉතාම දැනුවත්ව කටයුතු කරනවා. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන, පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අපේ කැපවීම පෙන්වීමට හොඳම උදාහරණයක්. මේ නිසා අපේ ලෝකය සහ අනාගත දරු පරපුරට පිරිසුදු පරිසරයක් නිර්මාණය කරදීමට අවස්ථාව ලැබෙනවා. අදවන විට විදේශිකයන්ගේ පැමිණීම ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යනවා, ඔවුන් අපේ වෙරළ තීරයන්ට පැමිණෙන විට අපේ වෙරළ ඉතාම පිරිසිදු මුළු අවුරුද්ද පුරාම ඔවුන්ට කාලය ගත කිරීමට සුදුසු තැනක් කියන හැඟීම වගේම ලංකාව ඉතාම ලස්සන රටක කියන හැඟීම දැනවීම අපේ වගකීමක්. අපේ ආයතනික සමාජ සත්කාරක අංශය වන  Lifeworth පසුගිය කාලයේ ඉතාම සාර්ථක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කරන්නට කටයුතු කළා, එසේම අපි ඉදිරියටත් පරිසර දූෂණයට විරුද්ධ වෙමින් පිරිසිදු ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට කැපවෙමු.”

    1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් ඇඟලුම් සන්නාම එකතුවට Envoy, Le Bond, Signature, Roseavelt, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.