හාපික් සුව ජන මෙහෙයුම යටතේ දෙවන වැඩසටහන සමඟින් සනීපාරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීම අඛණ්ඩව 

    May, 31, 2023

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්, බාලිකා පාසල් හි වැසිකිළිවල සනීපාරක්ෂක ප‍්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි. මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත.

    මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක‍්‍රියාත්මක වන හාර්පික් සුවජන මෙහෙයුම යටතේ බස්නාහිර පළාත පුරා සංවිධානය කරන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක කොටසකි. පළමු වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2023 මාර්තු 7වන දින අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

    හාර්පික් සන්නාම කළමනාකාරිනී – දේවින්දි හේවාබන්දුල මහත්මිය පැවසුවේ, ”හාපික් හි ‘සුව ජන මෙහෙයුම‘යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන, පාසල් යන තරුණ ගැහැණු ළමුන් අතර නිසි සනීපාරක්ෂක පිළිවෙත් ප‍්‍රවර්ධනය කිරීමට අප දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියක්. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.”

    ”අපගේ ඉලක්කය වන්නේ බස්නාහිර පළාතේ පාසල් දැරියන් අතර වැසිකිලි සනීපාරක්ෂාවෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට දිරිමත් කිරීමයි. අපගේ අධ්‍යාපනික වැඩසටහන් සහ වෘත්තීය දේශන තුළින් නිසි සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම හා මෙවලම්වලින් තරුණ ගැහැණු ළමයින් සවිබල ගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම අධ්‍යාපනික වැඩසටහනට වැසිකිළි පහසුකම් පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීම ඇතුළත් වන අතර, පසුව අපිරිසිදු වැසිකිලි භාවිත කිරීම තුළින් සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍ය බලපෑම් සහ අවදානම් ඉස්මතු කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් වෘත්තීය දේශනයක් පවත්වනු ලැබේ.

    සුව ජන මෙහෙයුම යනු හාපික් හි ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපාරයයි. හාපික්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන් මාලාව සාර්ථකව කරගෙනයනු ලබයි.

    මෙරට ප්‍රමුඛතම සනීපාරක්ෂක පිරිසිදු කාරකයක් වන හාර්පික් Reckitt Benckiser Lanka Ltd හි ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හැඳින්විය හැක. මෙම සමාගමේ ගෘහාශ්‍රිත, පිරිසිදුකාරක, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, පෝෂණ නිෂ්පාදන යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇතුළුව සංවර්ධිත වෙළෙඳපොළ ගණනාවක ක්‍රියාත්මක වෙමින් සිටී. Reckitt Benckiser සමූහය තුළ සේවක සේවිකාවන් 41,000 පමණ සේවය කරන අතර ජාත්‍යන්තරව ප්‍රචලිත Dettol, Mortein, Lysol ඔවුන්ගේ අනෙකුත් සන්නාමයන් වෙති.