හිඟුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන්තොටුපලක්

    November, 13, 2023

    හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මූලික කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුත බිලියන 2 ක මුදලක් වෙන් කරනු ලබන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද පැවසීය.

    “කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා“, යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.