හේමාස් රෝහල් සමූහය ජාතික තත්ව හා ඵලදායීතා සම්මේලන සම්මාන උළෙලේදී රොහල් සහ රසායනාගාර සේවා සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී

    April, 20, 2021

    ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් සහ රසායනාගාර සේවා ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් 2020 ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී සම්මාන 50ක් හිමි කර ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් විය. මෙම සම්මාන අතුරින් රන් සම්මාන 36ක් ද රිදී සම්මාන 12ක් සහ ලෝකඩ සම්මාන 2ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් වූ අතර සමස්ත සම්මාන උළෙලෙහි වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකර ගත් සමාගම් සමූහය බවට ද හේමාස් රෝහල් සමූහය පත්විය.

    දකුණු ආසියාවේ අංක එකේ රෝහල බවට පත්වීමේ දැඩි අධිෂ්ඨානයෙන් සහ විධිමත් දැක්මක් සහිතව ක‍්‍රියාත්මක වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය පසුගියදා පැවති 2020 ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී නව වාර්තාවක් තබමින් එක් සමාගමක් හිමිකර ගත් වැඩිම සම්මාන සංඛ්‍යාවට සහ සේවා ක්ෂේත‍්‍රයේ සමාගමක් ලද වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියන්නට සමත් විය. එමෙන්ම මෙම සම්මාන උළෙලේ  “Best Lean Six Sigma Projects” කාණ්ඩය යටතේ හිමිකර ගත් වැඩිම රන් සම්මාන සංඛ්‍යාවේ හිමිකරුවා බවට ද පත් විය. ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කීමෙන් අනතුරුව මෙම වසර අවසනදී ඉන්දියාවේ හයිද්‍රබාද් නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තත්ව පාලන කව සම්මාන උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ද හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයට හැකි විය.

    ‘‘ආදර්ශමත් රෝහල් සේවයක් පවත්වාගෙන යෑම සඳහා තත්වය සහ ඵලදායීතාව ප‍්‍රධාන සාධක දෙකක් වන අතර මෙම සාධක දෙක සැහැල්ලූවට ගැනීම හෝ අමතක කර දැමීමට කිසිදු හැකියාවක් නොමැති වන්නේ ජීවිත දහස් ගණනක තීරණය මේ මත රැඳී ඇති නිසයි. විශේෂයෙන්ම සිදු කරන ශල්‍ය කර්ම, රෝහලේ යටිතල පහසුකම්වල ප‍්‍රමිතියානුකූල බව, යන අංශයන් හැමවිටම උපරිම මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. එබැවින් මෙම සම්මාන උළෙල අපට සුවිශේෂ වන්නේ රෝගීගේ ආරක්ෂාව, සහ මෙරට සුවසේවා ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් වෙනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කැපවීම මෙම සම්මානයන් මගින් යළිත් යළිත් තහවුරු කළ නිසයි. ශ‍්‍රී ලාංකිකයින්ගේ සුවපත් බව වෙනුවෙන් අපි නිරන්තරව ඵලදායී වෙනසකට ලක් වෙන අතර සායනික විශිෂ්ටත්වයේ නිම්වළලූ පුළුල් කිරීමට අපි කැපවී සිටිනවා’’ යනුවෙන් හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ, පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසීය.

    කෝවිඞ් 19 න් ආරක්ෂිත බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් සහතික කරනු ලැබූ ශ‍්‍රී ලංකාවේ එකම රෝහල් සන්නාමය වන හේමාස් රෝහල් සමූහය , ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමිකර ගැනීමට සහ අඛණ්ඩව එය පවත්වාගෙන යෑමට ද සමත් වී ඇත. එමෙන්ම පළමු වරට IMS ප‍්‍රමිති සහතියන් වන ISO 9001: 2015 , තත්ව කළමනාකරන පද්ධති ප‍්‍රමිතිකරණය, ISO 14001: 2015 පරිසර කළමනාකරණ පද්ධති ප‍්‍රමිතිකරණය, සහ ISO 45001: 2018 වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය කළමනාකරණ පද්ධති ප‍්‍රමිතිකරණය හිමිකර ගෙන සිටී. තවද හේමාස් රෝහල් සමූහය මුළු ලොවම වෙළාගත් කෝවිඞ් 19 වසංගතයට එරෙහි වූ සිය සටන තවත් තීව‍්‍ර කරමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් සුරැකිව සහ පහසුවෙන් රැගෙන යාහැකි කුටියක් ^ IPTC – infectious patient transportation chamber& නිර්මාණය කිරීමට ද සමත් විය.

    ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී  හිමිකර ගත් සම්මාන 50ට අමතරව ජාතික හා ජාත්‍යන්තර සම්මාන 18ක් ද හිමිකර ගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ශ‍්‍රී ලාංකීය රෝහල් සමූහය බවට පත්ව ඇත. මෙම ජාත්‍යන්තර සම්මාන අතර රෝහල් කළමනාකරණය පිලිබඳ ආසියානු සම්මානය සහ හෙල්ත්කෙයාර් ඒෂියා සම්මාන 3ක් ද වෙති.

    වාර්ෂිකව සංවිධානය කෙරෙන ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙල ශ‍්‍රී ලංකා තත්ව සහ ඵලදායිතා ප‍්‍රවර්ධක සංගමය විසින් පවත්වනු ලබන අතර මෙරට නිෂ්පාදන සහ සේවා ක්ෂේත‍්‍රයේ තත්ව සහ ඵලදායිතා සංවර්ධන ක්ෂේත‍්‍රයේ වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දෙයි. ‘‘ජාත්‍යන්තර මට්ටමේ තත්වයක් සහ ඵලදායීතාවක් තුළින් සෞභාග්‍ය දේශයක් කරා’’යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල පැවති අතර සේවකයින් , ව්‍යාපාර නායකත්වයන්, විශිෂ්ට තත්ව කව ව්‍යාපෘති, විශිෂ්ට අඛණ්ඩ ඇගයුම් ව්‍යාපෘති, සහ Best Lean Six Sigma Projects යන කාණ්ඩ යටතේ මෙවර සම්මාන උළෙල පැවැත්විණ.

    හේමාස් රෝහල පිළිබඳව

    ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමිකර ගැනීමට සහ අඛණ්ඩව එය පවත්වාගෙන යෑමට ද සමත් වී ඇත. වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බවට වර්ධනය වී එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. මීට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් රසායනාගාර සමූහය දීපව්‍යාප්තව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය FMCG, සෞඛ්‍ය සහ ප‍්‍රවාහන ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

    හේමාස් සමූහය මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්වවිද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.