May, 5, 2026
හේලීස් පීඑල්සී හි පසුගිය දා සිදුකෙරුණු හිමිකම් කොටස් නිකුතුවේ (Rights Issue) දී සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් හිමිකම් කොටස් සඳහා දායකත්වය ලබා දුන් ආකාරය අනාවරණය වී තිබේ.
ඒ අනුව සමාගමේ පාලක කොටස් හිමියා වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොටස් 22,955,818කට දායකත්වය ලබා දී ඇත. මෙහිදී එක් කොටසක් නිකුතු කරන ලද්දේ රු. 200 බැගින් වන අතර ඒ අනුව රු. බිලියන 4.59ක්, හේලීස් හිමිකම් කොටස් නිකුතුව වෙනුවෙන් ඔහු විසින් ආයෝජනය කර තිබේ.
මෙම හිමිකම් නිකුතුව හරහා රු. බිලියන 9ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමාගම සමත් වූ අතර කොටසක් රු. 200 බැගින් කොටස් මිලියන 45ක් එහිදී නිකුත් කෙරුණි.
විභජනයෙන් පසු එම කොටස් ඊයේ (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන ලදී.
2025 දෙසැම්බර් 31 දින වන විට සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක් එනම් කොටස් මිලියන 382.59ක් ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණි. ඒ අනුව හිමිකම් කොටස් නිකුතුවෙන් පසු එම කොටස් ප්‍රමාණය මිලියන 405.55ක් දක්වා ඉහළ යනු ඇත.
හේලීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් හිමිකම් කොටස් නිකුතුව සඳහා දායකත්වය ලබා දී ඇති ආකාරය පහතින් දැක්වේ.

Video Story