ෆැෂන් බග් අඛණ්ඩව තෙවන වරටත් රනින් බැබළේ

    February, 24, 2016

    දිවයින පුරා විහිදුනු අලෙවිසැල් 16 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙරට විශාලත ම ඇඟළුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග්, කාන්තා ඇඳුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛත ම නාමයක්වන Triumph International සමාගමේ වාර්ෂික විකුණුම් සම්මේලනයේදී "විශිෂ්ටතම ප්‍රධාන ගිණුම් සහකරු" ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවති මෙම වාර්ෂික උළෙලේදී, ෆැෂන් බග් සමාගමේ සාර්ථකත්වය සහ වර්ධනය බෙහෙවින් කැපී පෙනුණු අතර, පසුගිය වසරේදී විශිෂ්ට දායකත්වයක් ලබා දුන් බෙදාහැරීම් සහ අලෙවි නියෝජිතයන් සම්මානයට පාත්‍ර විය. "වසරේ අලෙවි නියෝජිත මධ්‍යස්ථානය", "වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිත", "විශිෂ්ටතම ප්‍රධාන ගිණුම් සහකරු", "විශිෂ්ටතම කාර්යසාධන අලෙවි නියෝජිත" සහ "වසරේ විශිෂ්ටතම බෙදාහැරීම් නියෝජිත" ලෙස සම්මාන නම් කර තිබිණ.

    Triumph සමාගම තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින් අඛණ්ඩව තෙවන වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබූ ෆැෂන් බග් සමාගම, සිය කොල්ලුපිටිය ශාඛාව වෙනුවෙන් "විශිෂ්ටතම විකුණුම් අලෙවි මධ්‍යස්ථානයට" හිමි රන් සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයකි. පසුගිය වසරේ සම්මේලනයේදී එම සම්මානය ෆැෂන් බග් වත්තල ශාඛාවට හිමි විය.

    මෙරට කාන්තාවන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනා ගනිමින් දශක දෙකකට අධික කාලයක පටන් ඔවුන්ගේ නොමඳ විශ්වාසය හිමි කර ගැනීමට සමත්ව සිටින Triumph සමාගම, මේ වසරේදී ද තවත් ඉදිරි පියවර රැසක් තැබීමට බලාපොරොත්තු වෙයි.සිය වෙළඳපල සාර්ථකත්වය සඳහා දායකත්වය ලබා දුන් හවුල්කරුවන් ඇගයුමට ලක් කිරීමෙන් ඔබ්බට යමින්, බෙදාහැරීම් ජාලයේ හැකියාවන් ද ඇගයුමට ලක් කිරීම මෙම වාර්ෂික උළෙලේ තවත් විශේෂත්වයකි.

    කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ඇඟලුම් අලෙවි දාමයක් ලෙස ෆැෂන් බග් සමාගම, කටුබැද්ද ශාඛාවේදී "Ethnic Fusion" නමින් නවතම අංශයක් විවෘත කිරීමට කටයුතු කළේය. සාමාන්‍ය සහ විශේෂ අවස්ථාවන්ට ඔබින සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි, කුර්තා මෙන්ම ඊට සරිලන අත් බෑග්, පාවහන් සහ ආභරණ ද සිය සිතැඟි පරිදි තෝරා ගැනීමේ අවස්ථාව ෆැෂන් බග් සමාගම මෙමගින් කාන්තාවන් හට ලබා දී ඇත.
    ප්‍රමිතියෙන් උසස් ජාත්‍යන්තර සහ දේශීය සන්නාම ජනතාව අතරට ගෙන යන අතරතුර ෆැෂන් බග් සමාගම Givo, Posh, Hush, Jobbs, Bigg Boss, Rock Star සහ Bug Junior ආදී තමන්ගේම සන්නාම නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ නිරත වෙයි.

    දිවයිනේ නන් දෙස සිය සන්නාමය ව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරිව Triumph International Lanka සමාගම සිය බෙදාහැරීම් ජාලය ස්ථාපනය කළේය. එතැන් පටන් නව්‍යකරණ සහ නවීන විලාසිතාවන්ට ඔබින නිෂ්පාදන රැසක් වෙළඳපලට දායාද කිරීමට Triumph සමාගම සමත්ව සිටී. එම සමාගම සතු සවිමත් සන්නාමකරණය, නවෝත්පාදන හැකියාව සහ වර්ධනය වන බහුවිධ බෙදාහැරීම් මූලෝපාය හේතුවෙන් කාන්තාවන්ගේ අපේක්ෂාව බවට Triumph නාමය පත්ව ඇත.

    "අඛණ්ඩව තෙවන වරටත් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. අප සබඳතා අලෙවිකරණය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව අපගේ පාරිභෝගික ජනතාවගේ මෙන්ම සැපයුම්කරුවන්ගේ ද අපේක්ෂාවන් නොපිරිහෙලා ඉටු කිරීමට අප නිබඳව කැප වනවා. Triumph සමාගම සමග ඉදිරියේදීත් කටයුතු කිරීම අපගේ අපේක්ෂාවයි." ෆැෂන් බග් අධ්‍යක්ෂ ශබීර් සුබියන් මහතා සඳහන් කළේය.
    ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යාපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික අලෙවි මධ්‍යස්ථාන ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.

    සේයා රූ සටහන : ෆැෂන් බග් අධ්‍යක්ෂ සබීර් සුබියන් (වම) සහ අකීල් සුබියන් මහත්වරුන් Triumph International සමාගමේ ඉන්දීය සහ ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී ශාලින්ද්‍ර ප්‍රනාන්දු මහතා අතින් සම්මානය ලබා ගත් මොහොත