රට විරුවෝ මාස 04කදී ඩොලර් බිලියන 2ක් එවති

    May, 13, 2024

    2024 අප්‍රේල් මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 543.8 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අනුව 2024 මුල් මාස 04 තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ සමස්ත ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 2,079.9 ක් හෙවත් ඩොලර් බිලියන 2.07 ක් ලෙසින් සටහන් වී තිබේ.

    මෙය 2023 වසරේ මුල් මාස 04 හා සැසඳීමේ දී 11.4% ක වර්ධනයකි.