• Ada Derana BIZ Sinhala
  • Business Today Top 40
  • ComBank
  • sri lanka

14 වන වසරටත් කොමර්ෂල් බැංකුව, ‘බිස්නස් ටුඬේ TOP 40’ ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස තේරී පත්වෙයි

November, 21, 2022

‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්‍රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත සමාගම් අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත.

‘මෙම නවතම ශ්‍රේණිගත කිරීම සඳහා ‘බිස්නස් ටුඬේ’ විසින් තක්සේරු කරන ලද කාලසීමාව පොදුවේ ව්‍යාපාර සඳහා සහ විශේෂයෙන්ම බැංකු සඳහා අභියෝගාත්මක විය’ යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවැසීය. ‘සමස්තයක් ලෙස කාර්යසාධනය අනුව ශ‍්‍රී ලංකාවේ තෙවැනි හොඳම සමාගම බවට පත්වීම හරහා, ප‍්‍රජාවට සහ පෘථිවියට වගකීම් ඉටු කරන අතර, අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට සහ සියලූ පාර්ශ්වකරුවන්ගේ අපේක්‍ෂාවන් සපුරාලීමටද බැංකුවේ හැකියාව සනාථ වනවා,’ යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

කොමර්ෂල් බැංකුවේ 2020-21 කාර්ය සාධනය පිළිබඳව ‘බිස්නස් ටුඬේ’ ප‍්‍රකාශ කර සිටියේ, මෙහෙයුම් වියදම් පාලනය කිරීම හා එහි පිරිවැය - ආදායම් අනුපාතය සහ ලාභදායිතාවයේ විය හැකි පිරිහීම වැළැක්වීම කෙරෙහිද කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇති බැව්ය. එසේම කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් කර ඇත්තේ, තමන්ගේ උපාය මාර්ගික කුළුණු වන මෙහෙයුම් විශිෂ්ටත්වය සහ විචක්‍ෂණශීලි වර්ධනයට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් යැයි ද ප‍්‍රකාශ කර ඇත.

මේ අතර ‘බිස්නස් ටුඬේ’ තවදුරටත් අවධාරණය කර ඇත්තේ, ව්‍යාපාරවලට ණය ගෙවීම් සඳහා කාලය ලබා දීම් වෙනුවෙන් රජය විසින් සිදු කරණු ලැබූ ඉල්ලීමට බැංකුව අවනතවී ඇති බැව්ය. ක‍්‍රියාශීලී සන්නිවේදනය සහ සමීප කාර්ය මණ්ඩල අධීක්‍ෂණය හරහා මුළු අත්තිකාරම් වලින් සියයට 25ක් ප‍්‍රතිව්‍යුහගත කර ඇති බවද ‘බිස්නස් ටුඬේ’ අනාවරණය කර ඇත.

මෙම වසරේ ඉහළම ශ්‍රේණිගත කිරීම් 40 සඳහා සලකා බැලූ බොහෝ නිර්ණායක අතර, මහා භාණ්ඩාගාරයට බදු හරහා ඉහළ පෙලේ ව්‍යාපාර දායක වීමද සළකා බැලූ බැව් බිස්නස් ටුඬේ පැවසුවේය. කොමර්ෂල් බැංකුව 2021 වර්ෂයේදී බදු වශයෙන් රජයට රුපියල් බිලියන 8.3ක් ගෙවා ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.