• Ada Derana BIZ Sinhala
  • Lowest
  • remittances
  • sri lanka

2010 න් පසු අඩුම විදෙස් ප්‍රේෂණ 2022 දී

January, 16, 2023

2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 475.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව 2022 වර්ෂය තුළ ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් හෙවත් ඩොලර් බිලියන 3.78 ක් වේ. මෙය 2021 වසරේ ලද ඩොලර් මිලියන 5,491.5 ක් වූ සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 31% ක අඩුවීමකි.

2022 වසරේ දී ලද මෙම විදෙස් ප්‍රේෂණ අගය වසර 12කට පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ද වේ. එනම් 2010 වසරේ දී ලද ඩොලර් බිලියන 4.1 ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් පසු එක් වසරක් තුළ වාර්තා වූ අඩුම ප්‍රේෂණ වටිනාකම මෙය යි.

2022 දෙසැම්බර් මාසයේ දී ලද ඩොලර් මිලියන 475.6ක් වූ විදෙස් ප්‍රේෂණ වටිනාකම 2021 ජූනි මාසයෙන් පසු එක් මාසයක් තුළ වාර්තා වී ඇති වැඩිම ප්‍රේෂණ අගය වේ.