2016 ‘ගිම්හාන විලාසිතා‘ එකතුව වෙනුවෙන් ඔඩෙල් Rainforest නිර්මාණ ඉදිරිපත් කරයි

    May, 10, 2016

    මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් ‘ගිම්හාන විලාසිතා‘ සමය ඉතාමත් උත්කර්ශවත් අයුරින් ආරම්භ කරමින් විචිත්‍රවත් වර්ණ සහ නිවර්තන මෝස්තර පෙළකින් යුතු විලාසිතා එකතුවක් එළිදක්වා තිබේ. මෙම තේමාවට අදාළව ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර තිඛෙන අතර වෙළඳ ප්‍රචාරණ කටයුතුද සිදුකරයි.

    ඔඩෙල් හි, ‘Jungle Luxe’ නැමති මෙම විලාසිතා එකතුවෙහි තේමාව වන්නේ Rainforest හෙවත් ‘වැසි වනාන්තරය‘ යන්නයි. කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ප්‍රධාන අලෙවි සැලේ පැවැත්වුණු වර්ණවත් විලාසිතා සංදර්ශනයකදී මෙම විලාසිතා එකතුව පසුගිදා එළිදැක්විණි.

    විවිධ ශාක පත්‍ර වලින් සහ වැසි වනාන්තරවල දකින්නට තිඛෙන සුන්දර මල් වලින් යුතු මුද්‍රණ වලින් මෙම විලාසිතා එකතුව හැඩවී තිඛෙන අතර එමගින් මෙම විලාසිතා එකතුවට සජීවී බවක් එක්කර ඇත.

    මෙම විලාසිතා එකතුවට දුටුවන්ගේ මන බඳිනා අතිශය සුන්දර ඇඟලූම් ඇතුළත් වන අතර මේවා කොළ, රතු, කහ, කළු, නිල් සහ සුදු වර්ණ වලින් සහ එම වර්ණ සංකලනයන්ගෙන් යුක්තවේ.

    මෙම විලාසිතා එකතුවට විස්කෝස්, කොට්න්, ක්‍රේප් සහ චිෆොන් වැනි පිරිපුන් රෙදිපිළි යොදාගෙන තිඛෙන බවත් රේන්ද යොදාගනිමින් ස්ත්‍රී ලාලිත්‍යය ඉස්මතු කරන අතරම සුවපහසුවද ගෙන දෙන බව ඔඩෙල් සඳහන් කරයි.

    “විලාසිතා ලොවේ නවතම නැඹුරුතා පිළිබඳ උනන්දුවක් ඇති පුද්ගලයින් සෑම විටම ඔවුන්ගේ ඇදුම් අවශ්‍යතා සඳහා ඔඩෙල් ගෙනන විලාසිතා වලට ඇලූම් කරනවා“ යනුවෙන් මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලය අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි, සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය සඳහන් කළාය. “අපට අවශ්‍ය වන්නේ ගෝලීය වශයෙන් ජනප්‍රිය වන නවතම විලාසිතා රැළිවල සුන්දරත්වය කලට වේලාවට අපගේ පාරිභෝගිකයින්ට ලබාදීමටයි. මේ අනුව, ‘වැසි වනාන්තරය‘ විලාසිතා එකතුව මගින් මේ වෙනුවෙන් ඔඩෙල් තුළ තිඛෙන කැපවීම කදිමට පෙන්නුම් කරනවා“.

    සේයාරු වලින් දැක්වෙන්නේ ඔඩෙල් හි Jungle Luxe වැසි වනාන්තරය විලාසිතා එකතුව යටතේ පසුගියදා සිදුකළ විලාසිතා සංදර්ශනයට එක්කළ නිර්මාණ කිහිපයකි.