2020 හොඳම කළමනාකරණ සම්මාන උළෙලේදී අලියාන්ස් සියලු අංශ තුළ සිය විශිෂ්ටත්වය යළිත් සනිටුහන් කරයි

    April, 20, 2021

    අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නිමාව දුටු 2020 ‘Great Managers Awards හිදී හොඳම කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගම (‘A Company with Great Managers) ලෙස යළිත් වරක් සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට සමත් විය. People Business හි උපාය මාර්ගික හවුල්කාරීත්වය යටතේ නායකත්ව විශිෂ්ටත්වය උදෙසා වන කොළඹ නායකත්ව ඇකඩමිය (CL A) විසින් සංවිධානය කරන ලැබූ එම සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම එම ප්‍රධාන සම්මානය දිනා ගැනීමට අමතරව තවත් ප්‍රමුඛතම කාණ්ඩ 5ක් යටතේ සම්මාන රැසක් තමන් සතු කර ගැනීමට සමත් විය. මෙහෙයුම් සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය, ආයතනික දැක්ම අනුව කටයුතු කිරීම, වර්ධනය වෙනුවෙන් අනෙකුත් අය පුහුණු කිරීම, කණ්ඩායම් කාර්යක්ෂමතාව සහ සහයෝගීතාව හා අඛණ්ඩ නායකත්වය හා සමස්ත විශිෂ්ටත්වය යන අංශයන් යටතේ එම සම්මාන දිනා ගැනීමට මෙහිදී අලියාන්ස් ලංකා සමත් විය. මෙහිදී අලියාන්ස් ලංකාහි මාලක මිහිඳුකුලසූරිය මහතා විසින් අඛණ්ඩ නායකත්වය සහ සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් වන සුවිශේෂී පිළිගැනීමකට ලක් වෙමින් සම්මාන හිමි කරගන්නා ලදී. මෙහි විශේෂත්වය වන්නේ ඔහු විසින්  එම සම්මානය වාර්ෂිකව ප්‍රදානය නොකරන්නක් වීමය. මෙහෙයුම් ප්‍රතිඵල හා ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් තිමිර මනමේන්ද්‍ර හා නිරෝෂන් පෙරේරා සම්මානයට පාත්‍ර වෙද්දී පසිඳු මලින්ද හා කුමාරිකා අමරසිංහ ආයතනික දැක්ම අනුව කටයුතු කිරීමේ විශිෂ්ටයින් ලෙස සම්මානනේ පිදුම් ලැබූහ. එස්. සිවානරේන්ත්‍රන් විසින් වර්ධනය වෙනුවෙන් අනෙකුත් අය පුහුණු කිරීම සඳහා වන සම්මානය හිමිකරගත් අතර වයි. කුමරේෂ්වරන් කණ්ඩායම් කාර්යක්ෂමතාව හා සහයෝගීතාව වෙනුවෙන් හොඳම කළමනාකරු සම්මානය හිමි කරගන්නා ලදී.

     

    අලියාන්ස් විසින් පසුගිය කාලය තුළ පැවති තත්වයන් තුළ විශිෂ්ට කළමනාකරුවන් බිහි කිරීම කිරීම සඳහා සුවිශේෂී ආයතනික වටපිටාවක් නිරූපණය කිරීමට සමත් වූ අතර එහිදී වෘත්තීය මාර්ගයන්හි පැහැදිලි හා නිරවුල් බව,  අනුප්‍රාප්තික සැලසුම්, නායකත්ව ප්‍රවේශය, ඉගෙනීම හා සංවර්ධනය, පවතින තත්වයන්ට අභියෝගාත්මකව මුහුණ දීම, නිර්මාණශීලීත්වය හා නව්‍යකරණ හා ඉහළ ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම යන සාධකයන් තුළින් ආයතනික සංස්කෘතිය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන ලදී. එමෙන්ම සිය ව්‍යාපාරික උපාය මාර්ගයන්ට අනුව යමින් ඊට සමගාමීව ආයතනික සාමාජිකයන්ගේ උපාය මාර්ගයන්ද එක ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර ඇති සමාගම තමන්ගේ ආයතනික සන්නාමයේ අරමුණු සඳහා ශක්තිමත් පදනමක්ද සපයනු ලබයි.

     

    කොළඹ නායකත්ව ඇකඩමියෙහි විශිෂ්ට කළමනාකාර සම්මානය සඳහා  DACTI – 5X  ආකෘතිය භාවිත කරමින් පර්යේෂණය කරන ලද නිපුණතා හැකියාවන් වන මෙහෙයුම් ප්‍රතිඵල හා ක්‍රියාත්මක කිරීම, ආයතනික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක බව, පුද්ගලයන් පුහුණු කිරීම සහ උපදේශනය, කණ්ඩායම් ඵලදායිතාව සහ සහයෝගී ක්‍රියාකාරීත්වය හා ඒකාග්‍රතාවය යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

     

    මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක/ අධ්‍යක්ෂ ගානි සුබ්‍රමනියම් මහතා “ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරුවන් සඳහා වන සම්මාන උළෙලේදී යළිත් වරක් විශිෂ්ට කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගමක් ලෙස අලියාන්ස් පිළිගැනීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වන අපගේ ලෝක මට්ටමේ කණ්ඩායම් ස්ථාවරය මේ තුළින් තව දුරටත් පිළිබිඹු වන බව සඳහන් කළ හැකියි. සම්මානයන්ගෙන් පිදුම් ලද ඒ විශිෂ්ට කළමනාකරුවන්ගේ කැපවීම හා මහන්සිය හේතුවෙන් අද වන විට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ශක්තිමත් ආයතනයක් බවට පත්වන්නට අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

     

    මෙහිදී අදහස් දැක් වූ ප්‍රධාන මානව සම්පත් නිළධාරිණී ඉෂාණි සේනවීර මහත්මිය සඳහන් කර සිටියේ “මනාව සැළසුම් කළ පුහුණු කිරීම්, ඉගෙනුම් සහ සංවර්ධන වැඩසටහන් සහ සේවකයන් හඳුනාගැනීමේ වැඩසසටහන් තුළින් අපගේ සේවකයන් ඇගයීමට අපි නිරන්තරයෙන් කටයුතු කර තිබෙනවා. අප ක්‍රියාත්මක කළ එම වැඩසටහන් හොඳම කළමනාකරු සම්මානයන් තුළින් ඇගයීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටුයි” යනුවෙනි.

     

    කොළඹ නායකත්ව ඇකඩමියෙහි විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාව වෙනුවෙන් අලියාන්ස්හි ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයන් සහ අනෙකුත් සාමාජිකයන් එක්ව සිටියහ.

     

    ඡායාරූප විස්තරය -

     

    පළමු ඡායාරූපය ( වම් පස)- සම්මාන උළෙල සඳහා සහභාගී වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් කණ්ඩායම

     

    දෙවන ඡායාරූපය ( දකුණු පස ) -  අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා කොළඹ නායකත්ව ඇකඩමියේ අධ්‍යක්ෂ රියාස් හසේන් මහතා අතින් ‘A Company with Great Managers’ සම්මානය හිමි කර ගනිමින්.