2021 ජනවාරියේ දී කොටස් වෙළෙඳපොළේ 28% ක වර්ධනයක්

    February, 1, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 ජනවාරි මාසය තුල දී 27.96% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කර තිබේ.

    මෙහිදී වසර ආරම්භයේ දී ඒ්කක 6,774.22 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි මාසය අවසානයේ දී සටහන් වූයේ ඒ්කක 8,668.07 ක් ලෙසිනි.

    මේ අතර S&P SL 20 දර්ශකය ද පසුගිය මාසය තුළ දී 33.21% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇති අතර වසර ආරම්භයේ දී ඒකක 2,638.10 ක් ලෙසින් සටහන් වූ S&P SL 20 දර්ශක අගය 2021 ජනවාරි මාසය අවසානයේ දී ඒකක 3,514.18 ලෙසින් සටහන් විය.

    මේ අතර සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධකරණය මෙම මාසය තුළ දී රු. බිලියන 2,960.64 සිට රු. බිලියන 3,789.15 ක් දක්වා 27.98% කින් ඉහළ ගොස් ඇත.