2021 ජනවාරියේ දී විදෙස් සංචාරකයින් 1,682 ක් ශ්‍රී ලංකාවට

    February, 10, 2021

    2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු ජාත්‍යන්තර සංචාරකයින් සංඛ්‍යාව 1,682 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 18 වන දින සිට මාස 10 ක කාලයක් සංචාරකයින් සඳහා රට වසා දැමීමෙන් පසු 2021 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර සංචාරකයින්ට විවෘත විය.

    පසුගිය 2020 වසරේ ජනවාරි මාසයේ මෙරටට 228,434 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති අතර ඒ් හා සැසඳීමේ දී මෙම අගය 99.3% ක අඩුවීමකි.

    ජනවාරි මාසයේ දී පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 86% ක්ම පැමිණ ඇත්තේ යුක්‍රේනයෙනි. ඒම සංඛ්‍යාව 1,460 ක් වේ.