2021 ලෝක පරිසර දිනය සමරමින් Nissan වෙතින් දකුණු ආසියානු කලාපයට හඳුන්වාදෙන නව Nissan LEAF EV මෝටර් රථය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්

    September, 27, 2021

    සුප්‍රකට නිසාන් මෝටර් සමාගම (Nissan) පසුගිය සැප්තැම්බර් 9 වැනි දිනට යෙදුණු ලෝක පරිසර දිනය අර්ථවත් අයුරින් සමරමින් තිරසාර හරිත අනාගතයක් උදෙසා දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ විද්‍යුත් ප්‍රවාහනය වඩාත් පහසු කරවීම ඉලක්ක කරගත් විශේෂ අන්තර්ජාල සැසියක් පැවත්වීය. මෙම සැසිය සඳහා නේපාලය, භූතානය සහ ශ්‍රී ලංකා වෙළෙඳපොළ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ඇතු`ඵ පිරිස් සහභාගී වූ අතර එහිදී නිසාන් නියෝජිතයින් විසින් දකුණු ආසියාවට හඳුන්වා දෙන 100% ක් විදුලි බලයෙන් ක්‍රියා කරන (Zero-emission) NISSAN LEAF EV මෝටර් රථය හරහා ආර්ථිකමය වශයෙන් ලාභදායී, පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහන විසඳුම් දකුණු ආසියානු වෙළඳපොලට හිමිවන ආකාරය පැහැදිලි කර දුන්හ.

    NISSAN LEAF EV මෝටර් රථය 2010 දී පළමු වරට දියත් කළ තැන් පටන් ගෝලීය වශයෙන් කිලෝමීටර් බිලියන 2.5 කට වඩා ධාවනය කර ඇති අතර එමඟින් වාතලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 1.2 ක් අඩු කිරීමට හැකි වී ඇත. එය ගස් මිලියන 90 කින් කෙරෙන කාර්යභාරය සමානය.

    නව NISSAN LEAF EV රථයට තත්පර 7.9 කදී 0 සිට පැයට කිලෝමීටර 100 වේගයක් දක්වා යා හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර 140 ක වේගයක් දක්වා ළඟා විය හැකිය. මෙම නව රථයේ කැබිනය ශබ්දයෙන් තොර හා සුවපහසුවෙන් යුක්ත වන අතර ICE එන්ජිම හා සසඳන විට ධාවන පිරිවැය ඉතා අවමය (පස් ගුණයකින් පමණ).

    නිසාන් ඉන්දියා සමාගමේ සභාපති සිනාන් ඕසෝක් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, කාබන්වලින් නිදහස් පරිසරයක් වෙනුවන් ශ්‍රී ලංකාව මෑත කාලීනව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. විදුලියෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉදිරි දැක්ම සහ ප්‍රතිපත්ති වලට අනුකූලව, නුදුරු අනාගතයේ දී අපේ හවුල්කරු වන AMW සමාගම හරහා NISSAN LEAF EV මෝටර් රථය ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. මගී ප්‍රවාහනයේ අනාගතය සම්බන්ධයෙන් අපේ අනාගත දැක්ම පදනම් වන්නේ, අවම පාරිසරික බලපෑමක් ඇති මෝටර රථ සඳහා ජනතාවට ප්‍රවේශය ලබා දීම යන අරමුණ මතයි. නව NISSAN LEAF EV මෝටර රථය දකුණු ආසියාතික වෙළඳපොලට හඳුන්වා දීම එම අරමුණ වෙනුවෙන් අපේ කැපවීම මනාව ප්‍රදර්ශනය කරන්නක් බව මගේ හැඟීමයි.

    AMW සමාගමේ කළමනාකාර අධ්යක්ෂක පීටර් මැකෙන්සි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය,“දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ නිසාන් මෝටර රථ නියෝජනය කළ අභිමානවත් නියෝජිතයා වූයේ AMW සමාගමයි. නව NISSAN LEAF EV මෝටර් රථය හඳුන්වා දීම මේ දිගු ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ඒ හරහා කාබන්වලින් තොර රටක් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමට අපට හැකිවන නිසයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ ප්‍රවර්ධනය කරන සැළසුම් සමඟින් ශ්‍රී ලංකා රජය තිරසාරභාවය කරා යන ගමනේදී නව NISSAN LEAF EV මෝටර් රථයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි”

    නිසාන් මෝටර් ඉන්දියා සමාගමේ දකුණු ආසියානු කලාපයේ අපනයන ප්රධානී රගුනාත් නායර් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, නව NISSAN LEAF EV රථය දකුණු ආසියානු වෙළඳපොළ වෙත හඳුන්වාදීම විද්යුත් ප්රවාහනය වෙත මාරු වීම පිළිබඳව ජනතාව දිරිමත් කිරීමේ උත්සාහයේ එක් වැදගත් අවස්ථාවක් වශයෙන් අපි දකිනවා. ගෝලීය වශයෙන් පරිසරියට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය අවම කිරීම සඳහා නිවැරදි තාක්ෂණය හඳුන්වා දෙමින්, හරිත අනාගතයක් උදෙසා ජනතාව දිරිමත් කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල රජයන් හට සවියක් වීමට හැකි වීම අප ලද ජයග්රහණයක්. තිරසාර හෙට දවසක් වෙනුවෙන් වන දැවැන්ත මෙහෙවරක කොටස්කරුවෙක් වීමට හැකි වීම අපට සතුටක්

    විද්‍යුත් ආරෝපණය (Vehicle Charging) සඳහා ක්‍රම විධි ගණනාවක් ඇති නිසා නිසාන් ලීෆ් රථය ආරෝපණය කිරීම ඉතා පහසුය. වාහනය සමඟ සපයා ඇති බිත්තියේ සවි කරන චාජරය (L2) මඟින් නව නිසාන් ලීෆ් රථය නිවසේදී පැය 8 ත් 10 ත් අතර කාලයකින් සම්පූර්ණයෙන්ම සවිබල ගැන්විය හැකිය. එමෙන්ම වාහන හිමිකරුවන්ට ක්ෂණික ආරෝපණ මධ්‍යස්ථාන වෙත ගොස් විනාඩි 40 සිට 60 දක්වා කාලය තුළ සිය නිසාන් ලීෆ් පූර්ණ ආරෝපණයකට ලබා ගත හැකිය.